_41_

2K 254 24
                                    

වහල හදලා තිබ්බ පොල් කොල වලින් ලාවට බේරෙන වතුර බිංදු කොල අග තුඩවල් වෙලා වැටෙන්න ඔන්න මෙන්න.. වෙලාව හවස පහ පහුවුනා විතරයි මහ ලොකුවට රෑ වෙලා නොතිබ්බට දවල් ඉදන් වැටුනු වැස්ස නිසා දෙහිවල හරිය කලුවර වෙලා තිබ්බෙ. ඉස්සරහින් ගහන මුහුදු රල සද්දෙ එක්ක දෙහිවල ස්ටේෂන් එකේ නවත්තපු කොච්චිය අද්දන සද්දෙ බීච් එකටත් ඇහුනා..

යුග්ම වාඩිවෙලා හිටිය හට් එකෙ ටේබල් එක උඩ චිකන් ස්පැගටි පිරිච්ච ප්ලේට් එකක් තිබ්බා. එහා පැත්ත පුටුවෙ වාඩි වෙලා හිටිය එයෝන් බියර් කෑන් එක කඩගාන්න බැරුව දත් හපාගෙන දගලද්දි ඉස්සරහින් වාඩි වෙලා හිටිය අභී තාමත් නොකැඩුව බෝතලය දිහා බලන් කල්පනාවක.

" හුත්ත.. මෙන්න මේක ඇරලා දීපන්කො මගේ නියපොතු නෑ.. "

එයෝන් බියර් කෑන් එක යුග්ම ගෙ පැත්තට දිග් කරද්දි අභී ඒක ඇදලා අරන් කඩලා එයෝන් ට දුන්නා. යුග්ම බලන් හිටියෙ වැල්ල දිගෙ එරි එරි ඒ පැත්තට ඇවිදන් එන රූප දෙක දිහා
ඈතින් එන චනෙරු දකිද්දි යුග්ම ඇස් දෙක හීනි කරගත්තෙ ඒ එක්කම එන අනිත් රූපෙ දැකලා ආයිත් ඇස් දෙක ලොකු කරගන්න ගමන්.

" අප්පෙ.. අපේ මස්සිනෙ "

එයෝන් නැගිටලා ගිහින් ආරෝන් ගෙ කරවටෙන් අත දාලා හට් එක ඇතුලට එක්කන් එද්දි යුග්ම නම් රවලා අහක බලාගත්තා.
එදා වුනු පොඩි සිද්ධියෙන් පස්සෙ දෙන්නා අතරේ පොඩි පොඩි ප්‍රශ්න වුනත් වෙනදා තරම් ලොකු කතාවක් මේ දවස් දෙක තුනට තිබ්බෙ නැති තරම්.

" අයියේ "

ආරෝන් එහා පැත්තෙන් වාඩි වුනු ගමන් යුග්ම ගෙ මූනට එබෙද්දි යුග්ම ගැස්සිලා ගියා. මූට ඉතින් වට පිට ගැන කිසිම ගානක් නැති වුනාට යුග්ම නම් ඇස් දෙක රවුමට කරකවලා වටයක්ම හැරිලා බැලුවා. චනෙරු එයෝන් ව ලගට අරන් මොනවදො කියවද්දි අභී හිටියෙ පුටුවෙ පැත්තට හැරිලා මුහුද දිහා බලාගෙන. යුග්ම ට වැඩියත්ම ඕන නොවුනෙ අභී ඉන්න තැන ආරෝන් එක්ක ඉන්න එක.

" උබල දෙන්නා වලි ද මස්සිනෙ "

අනේ ඉතින් ඉස්සර පොඩි පගයා කියලා දැකපු දැකපු තැන් වල බැනපු එකා නේද මේ ආරෝන් ගෙ අතකුත් බදාගෙන මස්සිනෙ ගාගෙන කතාකරන්නෙ. ඔන්න එතකොට තමයි ඉතුරු ඩබලත් මූනූ ඒ පැත්තට හැරෙව්වෙ. චනෙරු ප්‍රශ්නයක් අහන්න වගේ යුග්ම ගෙ මූන පුරා ඇස් ගෙනියද්දි යුග්ම ඉක්මනට කතාව වෙනස් කරා..

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now