_13_

2.1K 316 13
                                    

" මොකද අද ම යන්න ඕන වුනෙ.."

" ලොකු නැන්දලා හෙට කතරගම යනවලු ඉතින් අම්මටත් එන්න කිව්වලු ඒ නිසා අම්මා කිව්වා අද එන්න කියලා.."

" අහ් උබත් යනවද..? "

" ඔව් අයියෙ අම්මව තනියෙන් යවන්නත් බෑනෙ.. ලොකු අම්මා අපි එක්ක එච්චර හිත හොද නෑ ලොකු තාත්තා එන්න කියපු නිසා නොගිහිනුත් බෑ.."

" හ්ම් හ්ම් පරිස්සමින් ගිහින් එන්න කොහොමත් ඉස්සරහදිත් අම්මව බලාගන්න වෙන්නෙ උබට මල්ලි ඒකයි මන් හැමතිස්සෙම කියන්නෙ හොදට වැඩ ටික කරගන්න කියලා. "

" හරි හරි අප්පා.. දැන් ගෙදර ගියාමත් අම්මා ඔය බනේම දෙනවා ඒ නිසා ඔයා දැන් කියන්න එපා කන් දෙක ගොඩවෙයි මගෙ.."

යුග්ම හිනාවුනෙ පැසෙන්ජර් ෂීට් එකෙ ඉදන් මූන බෙරි කරගත්ත කොල්ලා දිහා බලන්. තවිදුව ඉස්කොලෙ ලගින් ගත්ත යුග්ම කොටුවෙ ස්ටේෂන් එකෙන් තවිදුව දාන්න යන ගමන් හිටියෙ. තවිදු යුනිෆෝම් එක පිටින් හිටියට යුග්මනම් අද ඉස්කොලෙ ගියෙ නැත්තෙම චනෙරුගෙන් ලැබුනු තර්ජනේ නිසා..

" උබ යද්දි රෑ වෙයි නෙ.. රෑට බස් තියෙවිද ගෙදරට යන්න "

" එක බස් එකක් තියෙනවා. ඒකෙ යන්න පුලුවන් අවුලක් වෙන්නෙ නෑ නැත්නම් බාප්පා එනවා කිව්වා මාව ගන්න "

" හ්ම් ෆෝන් එක තියෙනවනෙ ඕන වුනොත් කෝල් එකක් දීපන් හරිද.. පිටිපස්ස ෂීට් එක උඩ බෑග් එකක් ඇති ගනින්කො. ඕකෙ ෂෝටීස් වගයකුයි වතුර බෝතලයකුයි ඇති යන ගමන් කන්න. ට්‍රේන් එක කොටුවෙන් පටන් ගන්න නිසා වාඩිවෙලා යන්න පුලුවන් වෙයි. "

" ඔව් නෙ.. මට තනියෙන් යන්න තිබ්බා.. අයියා අපරාදෙ ආවෙ නිකන් වෙලාව අපරාදෙ නෙ...  අහ් මේ අයියා ලෙඩ වෙලා හිටියා කිව්වා එයෝන් අයියා.. එයා කියනකම් මන් දන්නෙත් නෑ.. මට දැන් කිසි දෙයක් කියන්නෙත් නෑනෙ.. අයියා මාව මගාරිනවද අයියෙ... "

" මොකටද බන් මම උබව මගාරින්නෙ විකාර හිතන්නෙ නැතුව ඉදපන් පොඩි එකො.."

" නෑ.. මන්...හිතුවෙ එදා අයාන් එක්ක වුනු දේ නිසා අයියට මාව අප්පිරිය වෙලා ඇති  කියලා.."

ආරු...  ( BL )  COMPLETED ✓Où les histoires vivent. Découvrez maintenant