CHAPTER 17 🌸

2K 272 117
                                    

" උද්‍යාන..ඔයා..ඔයා කියන්නේ දෙව්මිණගේ සිද්ධියෙන් පස්සේ ඔයාට මෙහෙම වුනා කියලද ?? මම දැනන් හිටියේ නෑනේ මොකුත් "

" ඔයාලා දනගන්නේ කොහෙද ඔයාලා අවදානේ දුන්නේ මගෙන් රහස් හංගන් ඉන්න විතරනේ විදුර "

" උද්‍යාන අනේ සොරී.. මම ඇත්තටම හිතලා නෙවෙයි ඒ දේවල් ඔයාගෙන් හැංගුවේ "

" මම දන්නවා..දෙව්මිණ කියන්න එපාන්ලියපු දේවල් ඔයා කොහොමද කියන්නේ.. ඒ වගේම තමා මට වෙලා තියෙන දේත් කාටවත් කියන්න එපා.. මගෙන් දෙව්මිණට වුන දේ වගේම දෙව්මිණගෙන් මටත් දෙයක් වෙලා තියෙන්නේ විදුර.. ඒ නිසා අපි දෙන්නා අතරේ මොන දෙයක් වුනත් ඒකට ඔයාලා වගකියන්න ඕනි නෑ.. ඔයාලා දෙන්නා මාව ටික ටික ඈත් කරනවා කියලා මම දන්නවා..ඒකට හේතුව ශවීන් කියලත් මම දන්නවා..ඒත් ශවීන් කියන්නේත් මම වගේම කෙනෙක් කියන එක විතරයි මට ඔයාට කියන්න පුලුවන් විදුර..පුලුවන්නම් මට උදව් කරනවා වගේ එයාටත් උදව් කරන්න "

" උද්‍යාන අපි ඔයාව ඈත් කරේ නෑ.. ඔයා තමා මට හම්බවුන හොදම යාලුවා..එහෙම තැනකදි ශවීන් එකපාරට ඔයාට කිට්ටු වුන එක මට ඇල්ලුවේ නෑ..ඒත් ඔයා කියනවනම් එයාටත් එලියට දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම ඔයාව විශ්වාස කරලා එයාට හොද යාලුවෙක් වෙන්නම් "

" තැන්ක්‍යූ විදුර "
.
.
.
.
.
.
.
එදායින් පස්සෙ අපේ යාලුකම් ගොඩක් වෙනස් වුනා..හංසජ විදුර දෙන්නම ශවීන්ව ගොඩක් ලගින් තියන් හොද යාලුවෝ විදිහට හිටියා.. ශවීන්ගේ ගෙදර අයත් ශවීන්ගේ වෙනස ගැන මට තෑන්ක්ස් කරනවා හැම තිස්සෙම..ආහ් ශවීන්ගේ තාත්තා අපේ තාත්තාට ස්ථිර රස්සාවක් හොයලා දුන්නා..අවංකවම ඒක මට දැනුනේ ලෝකයක් වගේ..මොකද නන්ගිත් ටික ටික ලොකු වෙද්දි එයාගේ දේවල්වලට අවශ්‍ය සල්ලි වුනත් අපි ලෑස්ති කරලා තියාගන්න ඕනි..

ශවීන්ගේ වතුරත් එක්ක තියෙන නරක මතක ටික ටික මම අඩු කරන්න උත්සහ කරා...දැන් එයාට බය නැතුව පූල් එකක් ලගට යන්න පුලුවන්..ඉස්කෝලේ විශයක් විදිහට ස්විමින්ග් කරන නිසා මාත් දැන් ශවීන් නිසාම ස්විමින්ග් ඉගෙන ගන්නවා.. මෙච්චරකල් ශර්ට් එක ගලවන්න තිබ්බ ලැජ්ජාව පැත්තකට දාලා දැන් මන් ස්විමින්ග් ඉගෙන ගන්නවා.. මම දන්නවා දෙව්මිණ මේ තත්වයෙන් මාව දැක්කොත් ගොඩක් පුදුම වෙයි..
.
.
.
.
.
අද ජූලි හත..මගෙ 13 වෙනි උපන්දිනය.. දෙව්මිණ ගිහින් අදට අවුරුද්දයි.. මම හිතුවට මට දෙව්මිණව අමතක කරන්න පුලුවන් කියලා ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්..මගේ උපන්දිනය කියපු ගමන් මට මතක් වෙන්නේ එයාව.. අදත් කිරිබත් කාලා අම්මගේ උම්ම එකත් අරන් ඉස්කෝලේ යද්දි ගේට් එක ඉස්සරහ ලොකූ බැනර් එකක් ගහලා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now