CHAPTER 30 🌸

2.1K 235 141
                                    


" සුවී..අපිත් එක්ක ගෙදර යන්න ලෑස්ති වෙන්න "

" මොකක්..ඒ කිව්වේ "

" සුදු පුතා දෙව්මිණ පුතාට පාඩු වෙච්ච වැඩ ටික කියලා දෙන්න එහෙ ගිහින්..ඔයාටත් මෙහෙ පාඩම් වැඩ කරන්න කවුරුත් නෑනේ..නන්ගි එක්ක බොරුවට රන්ඩු වෙනවා ඇරෙන්න.. "

" පුතාට පුලුවන්නම් විතරයි..දෙව්මිණට ක්ලාසස් වලට යන්න තරම් වෙලාවක් නෑ ප්‍රැක්ටිස් එක්ක..ඉතින් පුතාට පුලුවන්නම් අපේ ගෙදර නැවතිලා ටික කාලෙකට දෙව්මිණ එක්ක පාඩම් වැඩ කරන් ඉස්කෝලේ යන්න..අම්මානම් කැමති වුනා.. "

මට වෙච්චි දේ හිතා ගන්න බැරි වුනා..අපේ අම්මා මාව එලියට යවන්නේ ශවීන්ගේ ගෙදරට විතරයි..එහෙම එකේ දෙව්මිණව අද දැකලා නවතින්න අවසර දුන්නා..මටනම් හිතා ගන්න බෑ..

" මට කියලා දෙන්න පුලුවන් ආන්ටි..ඒත් මම නවතින එක කරදර නැද්ද..මම අහන්නේ දෙව්මිණගේ ප්‍රැක්ටිසස් එක්ක මාත් නැවතිලා හිටියම තවත් කරදරයිනේ.."

" මොන කරදරයක්ද..දෙන්නම ඉස්කෝලේ ගිහින් දෙන්නම බාස්කට්බෝල් ප්ලේ කරලා දෙන්නම එකට පාඩම් වැඩ කරද්දි මට නිකන් ලමයි දෙන්නෙක් ඉන්නවා වගේනේ දැනෙන්නේ.. "

මම අපේ අම්මා දිහා බැලුවම අම්මත් හා කිව්වා..

" අම්මේ තාත්තාගෙන් ඇහුවේ නෑනේ.."

" තාත්තගෙන් මම ඇහුවා..ඔයත් දෙව්මිණ නැති අවුරුදු ටිකේම දෙව්මිණ ගගා පාලුවෙන්නෙ හිටියේ තාත්තත් කිව්වා කමක් නෑ කියලා "

මේ මොන මගුලක්ද යකෝ මේ.. මගේ ජීවිතේටම මෙහෙම දෙයක් වුනාමයි..මම හිතාගන්න බැරුවම කාමරේට ඇවිත් බෑග් එකට බඩු පැක් කරන්න ගත්තා..දෙව්මිණත් ලගට ඇවිත් උදව් කරා..

" සුදූ ඔයාගේ අර පින්ක් නයිට් කිට් එකත් ගන්නකෝ.. "

" මොන.. "

" අර ශවීන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බේ..මෙන්න මේක.. "

යකූ මූ ස්ක්‍රීන් ශොට් එකකුත් ගහගෙන ඒකේ.රෙදිගොඩ අස්සෙන් හොයලා හොයලා මම ඒකත් ගත්තා.මූ මගේ ඇදුම් ගොඩෙන් කොටම ශෝට්ස් ටික හොයලා හොයලා පැක් කරන්න ගත්තා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now