CHAPTER 32 🌸

1.9K 212 102
                                    

හැම වසන්ත කාලෙකට පස්සේ නැවතත් ශීත ඍතුව ආරම්භ වෙනවා..ඒකයි සත්‍ය..

අපි දෙන්නගේ වසන්ත කාලෙ ලස්සනට මල් ගොඩාරියක් පිපිලා කොල දලුලා වැඩිලා අලුත්ම ලස්සන පැල දෙකක් විදිහට අපි පැලවුනා.. මගේ විදවපු හැම වේදනාවක්ම එයාගේ උණුහුමෙන් සනීප වුනා..මාව කිසිම කොන්දේසියකට යටත් නොකර දෙව්යි එයාගේ ගෙදර අයයි මට ආදරේ කරා මාව ආදරෙන් බලාගත්තා..

දෙව්මිණගෙ පැත්තෙන් බැලුවම එයා ජීවිතේ පලවෙනි වතාවට එයා කරන හැම වැඩක්ම විදින්න ගත්තා.. පුහුණුකරුයි ක්‍රීඩකයයි විදිහට තිබ්බ එයාගෙයි තාත්තගෙයි බැදීම යාලුවෝ දෙන්නෙක් ගානට ගේන්න මට පුලුවන් වුනා..

අපි දෙන්නගේ වසන්ත කාලය හිතුවට වඩා සතුටින් අපි ගත කරලා පාසල් ජීවිතේ එක කඩයිමක් ලගට වෙනකන්ම ආවා.. ඕලෙවල් විභාගය අත ලග තියන් අපි දෙන්නම පුලුවන් උපරිමෙන් වැඩ කරා.. දෙව්මිණ ටෙනිස් තරග කීපයක්ම අත ඇරලා විභාගෙට ලැස්ති වුනා..දෙව්ට පාඩම් වැඩ ටික අවධානෙන් කරන්න ඕනි නිසා මම ආපහු ගෙදර ආවා..

විදුරයි ශවීන් දෙන්නත් පහුගිය කාලෙම මගෙන් එයාලට බැරි දේවල් අහගෙන පාඩම් වැඩ ටික හොදට කරගත්තා.. ඒ දෙන්නත් එහෙන් මෙහෙන් වලි දාගත්තට හරිම ආදරෙන් ඉවසීමෙන් ඉන්නවා..

අපේ වසන්ත කාලේ විභාගේ ඉවර වෙනවත් එක්කම අවසන් වුනාදෝ කියල මට හිතුනා...

" අම්මා එක්සෑම් ඉවර නිසා අපි කට්ටිය ට්‍රිප් එකක් යන්නද... කට්ටියම කතා වෙනවා යන්න.."

" කොහෙද යන්නේ.. "

" තාම තැනක් කතා කරේ නෑ..කොයිහරි යමුද කිව්වා විතරයි "

" හ්ම්ම්ම්...පුතා මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනව.."

" මොකක්ද අම්මා... "

" මම මේ දේ ගොඩක් කල් ඉදන් දැනන් හිටියා..ඒත් මම ඒ දේ නෑ එහෙම දෙයක් නැතුව ඇති කිය කිය මගේ හිතින්ම අයින් කරන් හිටියා..මම අහන්නෙ නැතුව ඉන්න දුන්නේ විභාගෙ නිසා.. "

" මොකක් ගැනද අම්මා කියන්නේ මට තේරෙන්නේ නෑ.."

" දෙව්මිණ පුතයි ඔයා අතරෙයි තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Onde as histórias ganham vida. Descobre agora