CHAPTER 41 🌸

1.6K 189 71
                                    

මම සුදූගේ අම්මා එක්ක ගොඩක් වෙලා කතා කරා..අම්මා අවංකවම ගොඩක් පසුතැවෙන බව ඇත්ත ඒත් මෙතන තීරනේ ගන්න කෙනා මම නෙවෙයි..මට පුලුවන් එකම දේ දෙපැත්තෙම අවංක අදහස අරන් ගලපගන්න පුලුවන් තැන අපිට ගලපගන්න එක..කතා බහෙන් පස්සෙ දැනට මට ගලපගන්න පුලුවන් වුන එකම තැන මම සුදූ එක්ක ඉස්සරහට යනවා මොන දේ වුනත් කියන එක විතරයි..

අම්මා යන්න කලින් තේ ටිකක් හරි බීලා යන්න ඉන්න කිව්වම මම නැවතුනේ අම්මා දැනටමත් හිත රිදිලා ඉන්න නිසා..මම එතකන් වහලා තිබ්බ සුදූගේ කාමරේට ගියා.

හරිම පාලුයි කාමරේ..කියන තේරෙන්නෙ නැති ගුප්ත බවක් කාමරේ අරන් තිබ්බා..ඇද අපිලිවෙලට ඒ විදිහටම තිබ්බා..පොත් මේසේ විතරක් පිලිවෙලට තියෙද්දි අනිත් හැමදේම සුදූ මම නැති කාලේ හිටපු විදිහ ඕනිවටත් වඩා පෙන්නුම් කරා..මගේ පුපුව පැත්තක් හිරි වැටීගෙන එනවා වගේ දැනුනා..

මම එහෙන්මම පොත් මේසේ පුටුව්ව්න් වාඩි වුනා..පොත් මේසේ ලාච්චුව ඇරපු මම දැක්කේ ඩේසි කාඩ් ටික..ඩේසි කාඩ් පහක් එතන තිබ්බා..ඕලෙවල් වෙනකන් මම දීපු ටික තියෙද්දි ඉතුරු කාඩ් ටික එයාට නැතුව ගියා..මම ඒ කාඩ්ස් ටික අතට ගත්තා...මට මතක් වුනා එයා ඩේසි වලට කැමති කිව්ව දවස..

" සුවී ඔයා ආසම මල මොකක්ද "

" ම්ම්ම්...මම ආස ඩේසි වලට "

" ඩේසි...ඒ කියන්නේ අර සුදු මල නේද "

" හ්ම්ම්ම් ඔව්.. "

" රෝස ලස්සන නැද්ද ඊට වඩා "

" ලස්සන ඇති ඒත් කටුනෙ..මම ආස ලොකු නඩත්තුවක් නැතුව කැමති ඕනි තැනක පිපෙන චාම් මලට "

එදා මම එයාට හොරෙන් ආදරේ කරද්දි මට එයා ආස දේවල් දැනගන්න වුවමනාවට ඇහුවෙ..එදා දීපු උත්තරේ අවුරුදු 12ක මට ලොකුවට නොතේරුනාට දැන් ඒ වචනවල තේරුම ලොකුවටම දැනෙනවා..

එයා හැමදාම හෙව්වෙ සැනසීමයි නිදහසයි..එයාට මාව මතක 7 වසරේ ඉදන් වුනාට මම එයාව දැක්කේ 6 වසරෙදි..ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා අපේ ඉස්කෝලෙට එන ලමයින්ව පිලිගන්න අපේ ඉස්කෝලේ උත්සවයක් තිබ්බා..එදා සුවීව පිලිඅරගෙන එයාගේ සාක්කුවේ මල ගැහුවේ මම..එයා හරිම ලස්සන නිසා මම එයා දිහා ගොඩක් වෙලා බලන් හිටියා..එදත් එයා අද වගේම මුලින්ම බැලුවෙ මගේ ඇස් දිහා..මගේ දුඹුරු ඇස් නැත්නම් සුවී ජීවිතේටවත් මන් දිහා බලන්නේ නෑ කියන එක මට තේරෙන්න ගත්තේ එයා එක්ක ඉන්න්කොට..එයාගේ සේෆ් සෝන් එක ඇතුලේ ඉන්න පිරිසට අමතරව කිසිම කෙනෙක් ගැන එයා සැලකිල්ලක් නෑ..මිනිස්සු පිරිවරාගෙන සද්ද බද්ද පිරිච්ච ලෝකෙට වඩා එයා හෙව්වෙ පුංචි සෙනගක් එක්ක මොනා මොනාහරි කාලා කියව කියව ඉන්නයි..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now