CHAPTER 19 🌸

1.9K 249 135
                                    

ගොඩ කාලෙකට පස්සේ හිත හැගීම් වලින් පිරිලා ගිහින් වගේ මට දැනුනා.. මතක් වෙන හැම වෙලේම එයාගේ එකවුන්ට් එකට ඔලුව දාලා හොරෙන් එයාගේ හිනාව බලලා එන්න මම පුරුදු වුනා.. මම ආවට ගියාට ෆොටෝ අප්ලෝඩ් කරන්නේ නෑ මොකද විදුරයි ශවීනුයි මට තදින් කියලා තියෙන්නේ මෝඩ වැඩ කරන්න එපා කියලා.. එයාගේ ඒවා බල බල හිනා වෙලා , හිත රිද්දන් , බැනලා නිදාගෙන ආපහු හීනෙන් බය වෙලා නැගිටලා ආපහු බැනල ඉස්කෝලේ ගිහින් එකතු වෙලා ආපහු බනින්න මම පුරුදු වෙලා හිටියේ..

" උද්‍යාන.. ඔයා ඉන්ස්ටග්‍රෑම් හදලා නේ..දෙව්මිණ මැසේජ් කරාද "

" නෑ හංසජ...එයාට කතා කරන්න ඕනි තරම් වටින කෙනෙක් නෙවෙයිනේ මම "

" අයියෝ අවුල් ගන්න එපා..මම හිතුවා එක පාරට ඔයත් ඉන්ස්ටග්‍රෑම් හදපු නිසා ප්‍රශ්න විසදන් වෙන්නැති කියලා.. "

" ආහ්..නෑ නෑ මම එයා හීන්දා නෙවෙයිනේ ඉන්ස්ට හැදුවේ.. "

හංසජ දෙව්මිණ එක්ක කතා කරන කෙනා වෙලත් මගෙන් ඒ වගේ දෙයක් අහපු එක මට පුදුමයි..ඒ කියන්නේ දෙව්මිණ මාත් එක්ක කතා කරන්න ඕනි කියලවත් කියලද එයා එක්ක..නැතුව ඇති එහෙනම් මෙලහටත් කතා කරනවානේ...
.
.
.
.
.
.
.
අද දෙව්මිණගේ උපන්දිනය.. මට එයාට විශ් කරන්න ඕනි වුනත් මෙච්චරකල් එයා වචනයක්වත් කතා කරේ නැති නිසා මට එයාට කතා කරන්න හිතුනේ නා..ශවීන් විදුර දෙන්නම කිව්වේ විශ් කරන්න ඕනිම නම් විශ් කරන්න කියලා.. ඒත් මට හිතට මොකක්ද වගේ එයාට මැසේජ් කරන්න..මොකද මෙච්චර දවස් මැසේජ් කරන්න පුලුවන්කම තියෙද්දි එයා මට මැසේජ් කරේ නෑ.. හැම වෙලේම ඇන්ඩෲ එක්ක ඇවිදින ඒවා ස්ටෝරි දදා ඉන්නවා ඇරෙන්න නිකමට සුවී ඔයාට කොහොමද කියලා අහන්න බැරි තරම් ලොකු මනුස්සයෙක් වෙලා එයා.. එහෙම වෙලාවක මම මොකටද පස්සෙන් ගිහින් කතා කරන්නේ..

මැසේජ් එකක් දානව වෙනුවට මම හැමදාම වගේ පහන තියලා එයා වෙනුවෙන් ප්‍රාර්ථනාව කරා..

අත නලියනවා නලියනවා වගේ බැරිම තැන ස්ටෝරි එකක් දැම්මා..

අත නලියනවා නලියනවා වගේ බැරිම තැන ස්ටෝරි එකක් දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now