~ Chapter 01 ~

490 37 13
                                    

"මට මේක ඇති වෙලා තියෙන්නේ වින්ද්‍යා...."

"කොයි වෙලාවේ බැලුවත් කියන්නේ ඕක නේ..මටත් මේක ඇති වෙලා  තියෙන්නේ..මං තමුසේ ළග පිනට කකා බිබි ඉන්නවා නෙවෙයි නේ...."

"වින්ද්‍යා stop...තමුසෙට මොකක්ද-......................"

මේක මහ ඝෝෂාවක්...නුපුරුදු ඝෝෂාවක් නොවුනත් මට බෑ ඒ ගේ ඇතුලේ තවත් ඉන්න...ඉතින් වෙනදා වගේම මං කාටවත් නොකියාම ගෙදරින් එලියට බැස්සා....

දැන් මාසයක් ඉදන් මං හැමදාම ඔය වචන ටික එයාලාගේ කටින් අහනවා...ඒ මගේ අක්කා අයියා වෙන්න පුලුවන්..ඒත් මට බෑ ඒ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න..ඒ වගේම ඇහෙන්නේ නෑ වගේ කාමරේ ඇතුළට වෙලා ඉන්නත් මට බෑ....ඔය වගේ වෙලාවට හිතෙනවා මං මෙහෙට ඇවිත් කර ගත්තේ වැරැද්දක් ද කියලත්...එයාලාට මාව බරක්...ඒක මං දන්නවා....මං කොහොම හරි තව සතියකින්  දෙකකින් apartment  එකකට move වෙන්න ඉන්නේ...එතකන් ඉවසගෙන ඉන්න වෙනවා මොනාව වුනත්....

එතකන් ඉවසගෙන ඉන්න වෙනවා මොනාව වුනත්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

මං දීක්ෂ හංසක සූරියබණ්ඩාර....ජීවිතේ අදුරුම කාලෙක පටන් ගත්තා වුනත් මේ මගේ කතාව....

ජීවිතේම අදුරුම කාලේ කිව්වේ....මට දැනෙන විදිය වෙන්න ඇති...ඒත් මේ කාලේ මං ගෙවන්නේ හුගක් අමාරුවෙන්...යට ගිය වේදනාව හිතේ කොනක් තදින්ම වෙලාගෙන....සැරෙන් සැරේ පාරවනවා....ඒ වේදනාව අමතක වෙන්න දෙන්නේ නෑ....ඒ දේවල් වෙලා මාස 10ක් ගිහින්....මාස දහයක් ගියත් මං එක තැන වගේ....

හ්ම්ම්ම්....

ඉදලා හිටලා අතීතය රිදුන් දෙන වෙලාවල් වලදී මේ වගේ බර හුස්මක් පහළ හෙලලා අතේ ඇගිලි එකට ගුලි කර ගන්න එක පුරුද්දකට ගිහින් දැන් මට...

එක එක දේවල් හිත හිතා මං ආවේ ගෙවල් ළගම තියෙන පාර්ක් එකට....ඒක නිදහස්...හුගක් අය ජොගින් වලට එන නිසා ඕනෙම වෙලාවක ඒ පාර්ක් එකේ කට්ටිය හිටියා....

~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Место, где живут истории. Откройте их для себя