~ Chapter 07 ~

177 30 11
                                    

එලියට ගිය ගගන අයියා දිහා බලන් හිටිය මාව ඩැනියල් එහෙමම ඇදගෙන විලා එක දකුණු පැත්තේ තිබුනු room එකකට ඇදගෙන ආවා...

"මේක තමයි..අපේ room එක..baby do you like it..."

ඩැනියල් මගේ ඉණ වටා අත් යවන ගමන් පිටි පස්සෙන් මාව බදා ගත්තා...

"හ්ම්ම්..ඒත් ඇයි...එක room එකක්..?"

මං එහෙම අහද්දී ඩැනියල්ගේ තොල් මගේ බෙල්ල පැත්තක තද වෙනවා දැනුනා මට..මං ඉක්මනට එයාගේ අත් මගේ ඉණෙන් අයින් කරලා ඈත් වෙලා එයා දිහාට හැරුණා...

"ඇයි baby...මේක අපේ anniversary  එක..අනික...අපි couple එකක්..soo this vacation  එක අපි එකට spend කරන එක වැරදිද? What's wrong  baby..?"

මට බෑ මුකුත් කියලා ඩැනියල්ගේ හිත රිද්දන්න....ඉතින් මං මුකුත් නෑ කියන්න ඔලුව වැනලා බිම බලා ගත්තා...

"Wash කරගෙන එන්න....ඔයාට tird පාටයි"
.
.
.
.
.
"ඒ මේ ඩැනීයල් මචෝ..කොහොද බන් අද ඇවිදින්නේ...මං කියන්නේ අපිට අඩුම මේ මෙතන පහළ beach එකටවත් යන්න බැරිද?"

අපි හිටියේ කෑම කාමරේ...ගමන් මහංසියක් මහ ලොකුවට නෑ...new york ඉදන් හවායි වලට මහ ලොකු වෙලාවක් fly කරන්න නෑ...ඉතින් අපි ඇවිත් wash එකක් එහෙම දාලා ඩැනියල් order කරපු කෑමත් එක්ක කෑම කාමරේ හිටියේ..

ආපු වෙලේ ඉදන් හෂාන්ගේ වැඩේ රැල්ල පාගන්න යන්න ඕනී කිය කියා බර බර ගාන එක...ඒ වුනාට ඒකට මාත් කැමතී...මට මේ විලා ඇතුලේ තිබුනේ හිර වුනු හැගීමක්...

මගේ ඉස්සරහාම වාඩි වෙලා කෑම කන ගගන අයියා නිසා වෙන්න ඇති...නෑ එයා නිසා නෙවෙයි..එයා මාව මගාරින නිසා...

ඒ වගේම මගේ කර වටේ අතක් දාගෙන මගේ එහා පැත්තට වෙලා හෂාන් එක්ක විකාර කියව කියව කෑම කන ඩැනියල් නිසා...

මට මෙතනින් පැනලා ගිහින් හැංගෙන්න ඕනී..ඒත් මට ඒකටවත් යන්න තැනක් නෑ...

කාමරේට යන්න...

නෝ...එතන තමයි මං මේ ගෙදරින් අකමැතිම තැන...අඩුම මට මේ දවස් තුන නිදහසේ ඉන්නවත් තැනක් නෑ...

මං අකමැතී හවස් වෙනවාට....රෑ වෙනවාට....මං බයයි එහෙම වුනාම මං ඩැනියල්ව රිද්දයි කියලා...එයා මගෙන් බලාපොරොත්තු වෙන දේවල් මට එයාට දෙන්න බෑ...මං තවම ලෑස්ති නෑ....මට එයාව නොතේරෙනවා නෙවෙයි...ඒත් මං තවම ලෑස්ති නෑ...

~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now