~ Chapter 05 ~

187 37 14
                                    

මාව washroom එකට මුලින් තල්ලු කරපු අයියා එහෙමම ඇතුළට ඇවිත් සද්දෙන් දොර වැහුව පාරට මං ගැස්සුණා...

මට බයක් , අපහසුවක් නෑ එයා ළගදී....මං එහෙමම සින්ක් එකේ වැන්ට්‍රියට බර වුණා...දැන් තමයි මට හුස්ම ගන්න පුලුවන් වුනේ...මං මූණේ තිබුණු mask එකත් ගලවලා අයින් කළා...

"මේ වගේ තැන්වල ඉන්න බෑ කියලා දැන දැන මොකටද ආවේ ආහ්හ්?"

එයාට තරහා ගිහින්...මං ඔලුව උස්සන්නේ නැතුව ඔහේ බිම බලන් හිටියා..ඇත්ත මගෙයි වැරැද්ද...මට මේ වගේ තැන්වල ඉන්න බෑ...මිනිස්සු හුගක් අතරේ ඉන්න බෑ...හුගක්ම alcohol  ගද නිසා මාව කැරකෙනවා....

ගගන අයියා කවදාවත් මං ළගදි alcohol  ගත්තේ නෑ...එයා alcohol නොබන කෙනෙක් නෙවෙයි...මං දන්නවා එයා බීලා බීලා කකුල් හතරෙන් ගෙදර යන අවස්තාත් තිබ්බා කියලා...පසන් අයියා..ඒ කියන්නේ ගගන අයියාගේ හොදම යාලුවා තමයි ඒ ගැන මාත් එක්ක කිව්වේ...ඒ වගේ වෙලාවලට මට call කරලා විකාර කියෙව්වාට...කවදාවත්ම මං ළගට ඇවිත් නෑ...එන්න උත්සහ කරලත් නෑ...

ඒත් මගේ හැමදේම මං නොකියාම දන්න ඩැනියල් ඒ දේ දන්නේ නෑ..මොකද ඩැනියල් දන්නේ මගේ අයියා දන්න දේවල්....මං නොදන්නවා නෙවෙයි ඩැනියල් මං ගැන හොයන්නේ අයියා මාර්ගෙන් කියලා...මොනා නැතත් අයියා ගගන අයියාට කැමති වුණේ නෑ මුල ඉදලාම....ඒත් ඩැනියල්ට අයියා කැමතී..මං ගැන හැමදේම කියලා අපිව එකතු කරන්න උත්සහ ගන්නේ අයියා...මං දන්නේ නෑ ඒකට යටි අරමුණක් තියෙනවාද නැද්ද කියලා...අයියාට වාසි වෙන විදියේ...

මොකද පොඩි කලේ ඉදන් මගෙයි අයියාගෙයි මහ ලොකු ළග බැදීමක් තිබුනේ නෑ....අම්මා තාත්තා අයියා ඒ තුන්දෙනාම හෙනම තද චරිත...අම්මාට ටිකක් හරි මාව තේරුන් ගන්න පුලුවන් වුනත්..ගගන අයියාගේ ප්‍රශ්නෙදී එයත් මාව අයියා ළගට යැව්වා...සමහර විට සමලිංගිකයෙක්ව එයාලා ළග තියා ගන්න ලැජ්ජා හිතෙන්න ඇති...එදා ඉදන් අම්මා තාත්තා මට කතා කලේ නෑ..සුව දුක් ඇහුවෙ නෑ...අඩුම මං ඉන්නවද කියලවත් බලන්න මට කතා කරේ නෑ...සමහර විට අයියාට කතා කරනවා ඇති....

හ්ම්ම්ම්...

"අඩන්න ඕනිද?"

මං කතාවක් නැතුව ඉද්දී දාගෙන හිටිය mask එක ගලවලා දැම්ම ගගන අයියා ඉණටත් අත් දෙක තියාගෙන මං දිහා බලාගෙන ඇහුවා..මං නෑ කියන්න ඔලුව පවා වැනුවේ තොල් දෙක දත් වලින් තදටම හපාගෙන...

~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now