~ Chapter 10 ~

231 40 21
                                    

අපි සාලේට එද්දී  සාලේ තිබුනු ලොකු tv එක ඉස්සරහා වාඩි වෙලා ජනේල් වලින් පේන ඈත මුහුදු වෙරළ දිහා බලන් හිටියේ හෂාන් විතරයි...tv එකේ සද්දේ ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑ...

"හෂාන්..."

මං කතා කරද්දී හෂාන්ගේ ඇස් අපේ දිහාවට හැරුණා වගේම එයා ඇස් වලින් සෝෆා එක පෙන්නුවා..අයියා මාවත් ඇදගෙන එතනින් වාඩි වුනා..

හැබැයි මං දෙයක් නෝට් කළා...ගගන අයියා මගේ අතින් අල්ලන් හිටිය එක හෂාන්ට පුදුමක් තිබ්බේ නෑ...හරියට කලින් ඉදලා දැනන් හිටියා වගේ...ඒත් එක්කම මගේ ඇස් නැවතුනේ ස්ටූල් එක උඩ තිබ්බ නිල් පාට වෙල්වට් බොක්ස් එකට...ඒක ඊයේ ඩැනියල් මට දුන්න එක..ද?

"ඊයේ උබ දුවද්දී වැටුනේ..."

මගේ ඇස් නැවතිලා තියෙන දිහා බලාගෙන හෂාන් කියද්දී මං හෂාන් දිහා බැලුවා...

"උබලාට අමුතුවෙන් ඌ එක්ක කතා කරන්න දෙයක් නෑ බන්...ඌ ඊයේ beach එකේ වුනු හැමදේම කන් වලින් අහලා ඇස් වලින් දැක්කා..."

මං අල්ලගෙන හිටපු ගගන අයියාගේ අත් මට තද වුනා..අයියා ඒකට ලා හිනාවක් දීලා ඇස් වලින් බය වෙන්න එපා කියද්දී මං සෝෆා එකට හෙත්තු වුනා...

"උබ බලන්නේ මං පුදුම වුනේ නැත්තේ ඇයි කියලා නම්...උබේ ගගන අයියා කියන්නේ මගේ Cousin කෙනෙක් බන්...අපේ batch party එකේදී දාපු ig photo එකකින් උබව දැකලා තමා මූ...ආයේ නැට්ට පාගගෙන දගන්න ගත්තේ 'මගේ දිෂූ' කියලා...උබේ අම්මා කිව්ව දේවල් අහලා ඈතින් ඉන්නවා කියලා හිතන් හිටිය මගේ ලොකු අයියණ්ඩි...මුගේ ඩෑඩ්ට සනීප වුනු ගමන් රට පැන්නා..."

මගේ ඇස් ලොකු වුනා හෂාන් කියන වචනයක් ගානේ...එතකොට එයාලා cousins ලා ද?

" enough හෂා....මගේ අවසාන football match එකේදී මට ඇවිත් wish කරලා ගියපු ලේඩිව මතකද ඔයාට.."

ඔව් මට මතකයි...එයා එක්ක පොඩි කෙල්ලෙකුත් හිටියා...මොකද අමතක නොවෙන්නේ..එයා අයියා දිහා බාඅගෙන ඇබැරුණු ඇබරිල්ල මට හොදට මතකයි....ඉතින් ඒ දෙන්නාව මට මතකයි...මං ඔව් කියන්න ඔලුව වැනුවා...

අහ්හ් football match කියන්නේ...අයියා ලංකාවෙදී football club එකක සෙල්ලන් කළා...මං A/L කරන්න පටන් ගත්ත කාලේ ඔය football match එකක් බලන්න ගිහින් තමයි අපි මුලින්ම meet වුනේ...මෙහෙම හිටියාට මූ මට වඩා අවුරුදු පහක්ම වැඩිමල්....

~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now