~ Chapter 06 ~

154 31 8
                                    

අපේ Anniversary date එක හෙට....මේ දවස් වල කාලෙ හරි ඉක්මනට ගෙවෙනවාද නැත්තම මට එහෙම දැනෙනවද කියන්න මං දන්නේ නෑ...එදා එයාව දැක්කට පස්සේ එයා ආයේ මගෙ ඉස්සරහාට ආවේ නෑ...cafeteria  එකේදී වුනත් එයා ඉක්මනින් කෑම අරගෙන කොහෙ හරි යනවා...මාත් එක්ක කතා කලේ නෑ...

අනික ඩැනියල් තැනක් නොතැනක් නොබලා මාව සිප ගනිද්දී ආපිට ප්‍රතිචාර නොදක්වන මං හැමදාම දකින්නේ දුරකට වෙලා අපි දිහා බලන් ඉන්න එයාව...

ඒක වෙනසක් වුනේ නෑ...

අද lectures ඉවර වෙලා ඩැනියල් නැති නිසා හෂාන් තමයි මාව apartment එකෙන් drop කළේ...අද හවස මං මෙහෙන් යන්න ඕනී..මගේ අලුත් apartment  එකට...ඩැනියල් අයියාට කියලා තිබ්බ නිසා එයාගෙන් අවුලක් නෑ..අනික එයාලාගේ පව්ලේ ප්‍රශ්නත් එක්ක මාත් මෙහෙ මෙහෙම ඉන්න එක එයාලාට කොහොමත් අවුල් ඇති....

ඉතින් මගේ ලගේජ්ස් හදා ගත්ත මං ඒ ඔක්කොම පහලින් ගෙනත් තියලා බැක් පැක් එක සෝෆා එක උඩින් තියලා බලා හිටියේ booking එක දාපු කැබ් එක එනකනම්...
.
.
.
.
.
.
කැබ් එකත් ආවම අයියාටයි අක්කාටයි කියලා මං එන්න ආවා...මගේ බඩු ටික මගේ අලුත් apartment එකෙන් දාලා apartment  එක වටේ ටිකක් බැලුවා...එතන නිදහස්...මේක apartment building එකක් නෙවෙයි....මේ පැත්තේ පාර දෙපැත්තෙම තියෙන්නේ මේ වගේ පොඩි පොඩි ගෙවල්..ටිකක් පෙනුම වෙනස් වුණාට...ඔක්කොම වගේ එක වගේ...පාර දෙපැත්තේ ලොකු ගස් වවලා...ඒ වගේම ගෙවල් වලින් පිටි පස්සෙත් වැඩිය උස යන්නේ නැති ගස් පෝලිමකට පස්සේ ආයෙත් අර විදියට ගෙවල්...ඒ අනිත් line එකේ ඒවා...ඒත් මෙතන හෙනම නිදහස්...සමහර විට කලින් අයියලාගේ ගෙදර මං කාමරේට කොටු වෙලා හිටිය නිසා වෙන්න ඇති...හොදම දේ කියන්නේ මේ පැත්තේ හැමෝටම ලේසි වෙන්න හදලා තියෙන ජොගින් පාර්ක් එක තියෙන්නෙත් මං ඉන්න apartment  එකට පේන දුරින්....

හොදම දේ කියන්නේ මේ පැත්තේ හැමෝටම ලේසි වෙන්න හදලා තියෙන ජොගින් පාර්ක් එක තියෙන්නෙත් මං ඉන්න apartment  එකට පේන දුරින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now