CHAPTER 1 🌸

4.6K 339 93
                                    

2015 ජනවාරි

" ලමයි හැමෝම 6 වසරේ තමන් හිටපු පන්තිවලට අදාලව පෝලිම් හැදෙන්න.. ඔයාලගේ නම් කියද්දි ඔයාලගේ අලුත් 7 වසරේ පන්තිය භාර මැඩම් ලගට යන්න.. "

6 වසරේ ඉදන් 7 වසරට යන්න පන්ති බෙදන්න යද්දී ගොඩාක් ලමයින්ගේ කසු කුසුව.. අවුරුද්දක් පුරාවට තමන් එක්ක හිටපු යාලුවා ඊලග අවුරුද්දෙදි වෙන් වෙයි කියලා බයට ගොඩක් ලමයි නහයෙන් අඩ අඩ හිටියෙ. හැබැයි මගේ තත්වය ඊට වෙනස්.. මම මේ ඉස්කෝලෙට ආවේ ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා..6 වසර පන්තිය හරිම අමාරුවෙන් ශේප් එකේ කරදරයක් නැතුව කරගෙන ගියා..

මම කැමති නෑ මේ ඉස්කෝලේට.. මේකෙ ලමයි ඔක්කොම ගොඩක් සල්ලිකාර නිසා එයාලා එක්ක බලද්දි මම නිකන් අහසයි පොලවයි වගේ. එයාලා කතා කරන්නෙත් ඒ වගේම විකාර නිසා මම කොහොමත් කතාවටවත් යන්න කැමති වුනේ නෑ..ඉතින් මේ ඉස්කෝලෙට ආවත් හරි මට යාලුවෙක්වත් නෑ..කොන්වෙලා වගේ හිටියේ..හැබැයි මම ඒකට ආසයි එතකොට මට මගේ පාඩුවේ ඉන්න පුලුවන්..නැත්නම් මේ ලමයි වගේ විකාර වැඩ වලට එහාට මෙහාට යන්න වෙනෝ..ඕවට වියදම් කරන්නත් අපේ ගෙදර අයට සල්ලි නෑ ඉතින් මම හිතුවා පාඩුවේ කතාවට නොගිහින් ඇග බේරගෙන ඉන්න ඕනී කියලා..

" සුවිර උද්‍යාන 7 A පන්තිය "

මැඩම් මගේ නම කිව්වා..මම ටග්ගලා 7A පන්තියේ මැඩම් ලගින් හිටගත්තා..A පන්තියයි B පන්තියයි කියන්නේ ඉන්ග්ලිශ් මීඩියම් සින්හල මීඩියම් මික්ස් ක්ලාසස්..6 ඉදන් 11 වෙනකන්ම එහෙමයි..

" හැමෝම දැන් පන්ති වලට යන්න මැඩම් එක්ක.."

අපි මැඩම් පිටි පස්සේ පෝලිමට අලුත් පන්තියට ගියා..නිල්පාට තීන්ත ගාලා තියෙන ඩෙස් පුටු එක්ක හරිම ලස්සන පන්තියක්..

" ලමයි දැනට ඔයාලා කැමති තැන්වලින් ඉදගන්න.. රෙජිස්ටර් එක ආවම මම ඔයාලව හරියට බෙදලා දාන්නම් "

මැඩම් කියපු දේට සමහර ලමයින් අකමැති වුනා කියලා මට දැනුනා.. 1 වසරේ ඉදන්ම යාලුවෝ වෙච්ච ලමයි ගොඩක් මේ පන්තියේ ඉන්නවා කියලා මට දැනුනා.. මොක්ද පන්තියට ඇවිල්ල විනාඩි පහක් යන්නත් කලින් ගොඩක් ලමයි තැන තැන යාලුවෝ අල්ලන් කියෝනවා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα