CHAPTER 40 🌸

1.9K 212 94
                                    

" දෙව්..මම දැන් කැතවෙලා නේද..මාව අප්පිරිය ඇති නේද ඔයාට දැන් "

" මගේ රත්තරන් ඔයාව මට කවදාවත් කැත නෑ..ඔයා තමා මම දැකපු ලස්සනම කෙනා.. මගේ මෝඩ බටු ඇටේ විකාර හිතන්නේ නැතුව ඉන්නවද "

පුපුවට දැනෙන වේදනාව වචන කරන්න අකුරු දන්නේ නැති මට කදුලු හන්ගන්න තිබ්බ ශක්තිය පුදුමාකාරයි..මම එයාව හරිම පරිස්සමින් හේදුවා..එයාට මන් ඉස්සරහ ඇදුම් නැතුව ඉන්න නිසා ලැජ්ජා හිතිලා රතුවෙලා මන් ඒත් වෙනසක් නොපෙන්නලා එයාව හොදට හේදුවා..

හෝදලා මන් එයාව මට වාරු කරන් නැගිටෙව්වා..ටග්ගාලා එයාව පිහිදලා එහෙන්මම උස්සන් කාමරේට ගිහින් ඇදෙන් ඉන්දුවා..එයා ආසයි සුවදට ඉන්න ඒ නිසා එයාට ඇදුන් අන්දන්න කලින් ක්‍රීම් ගාලා ඕඩික්ලෝන් ටිකකුත් අරන් ඔලුවෙයි බෙල්ල වටෙයි ගෑවා..මෙච්චර දවසක් ඇදේම ඉදලා පිටේ ඇවිත් තිබ්බ පුංචි පුංචි බිබිලි වලට පව්ඩර් ටිකකුත් දැම්මා..මගේ පුංචි බෝනික්කව මන් ආපහු හදලා ගන්නවා..මට පුලුවන් එයාව ලස්සනට තියාගන්න..එහෙම හිතාගෙනම මම එයාට අම්මා ගෙනල්ලා තිබ්බ අලුත් ඇදුම් ඇන්දුවා..කොන්ඩෙත් වැවිලා තිබ්බ නිසා මම කොන්ඩෙත් පීරලා උඩ කරලා හාෆ් පෝනි එකක් දැම්මා..

" තැන්ක්‍යූ දෙව්.. "

" මම ආදරෙයි මැනික "

මම ඒ තොල් උඩින් පුංචි හාදුවක් තිබ්බා..ඒ ඇස්වල කදුලු පිරිලා..මම ඒ ඇස් නොබලම එයාව මට තුරුල් කරගත්තා..

" සුදු මැනික දැන් ඔයාට බෙහෙත් බොන්න තියෙන නිසා මැනික හොදට කන්න ඕනි..මැනික කන්න ආස දෙයක් තියෙනවද "

" මට කිසිම දෙයක් කන්න පිරියක් නෑ දෙව් "

" ආස කිසිම දෙයක්..ඕනිම දෙයක් කියන්න.. "

" දෙව්..මට ඔයාට කරදර කරන්න ඕනි නෑ.. අම්ම හදලා තියෙන දෙයක් කන්නම් මන් "

" නෑ නෑ මට කිසිම කරදරයක් නෑ...මට කියන්නකෝ.. "

" මම ආසයි ඔයා අතින් හදපු කෑමක් කන්න.. මොනාහරිම "

" මොන වගේ දෙයක්ද ඕනි.. බත් වගේ දෙයක් ද එහෙම නැත්නම් කඩචෝරු වගේ දෙයක්ද මොනවගේ දෙයක් ද "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now