CHAPTER 35 🌸

1.7K 183 79
                                    

" සුදු පුතා ගෙදර ආවද.. මොකද වුනේ..ඔය දෙන්නගේ සම්බන්දෙ නැවත්තුවද "

" අම්මා.. ගෙදර ආපු මගෙන් අම්මට අහන්න බැරිද ඔයා පරිස්සමෙන් ආවා නේද කියලා.. අම්මා මම ගෙදර එනකන් බලන් හිටියේ ඒක අහන්නද "

" සුදු පුතා ඇයි අම්මව ඔය ගානට දාලා කතා කරන්නේ.. "

" අම්මා..ඔයා වෙනස් වෙලා අම්මා.. "

" මම ද වෙනස් වුනේ පුතා ඔයා ද.. ඔයාට දුකවත් නැද්ද පුතා අම්මයි තාත්තයි ගැන..ඔයාට නන්ගි කෙනෙක් ඉන්නවා..ඒකි ගැන වගකීමක් ගන්න ඉන්න අයියා උබ..උබ ඔහොම වුනාම කොහොමද පුතා ඒකි අයියේ කියලා උබට කතා කරන්නේ "

" අම්මේ..මට තේරෙනවා.. අම්මා අහපු ප්‍රශ්නෙට උත්තරේ නෑ.. සම්බන්දේ නැවත්තුවෙ නෑ තාම..හේතුව එයා මේ මාසෙ විතරයි ඉන්නේ මෙහෙන් යනවා ආපහු රට..එයා රට ගියාම මම කියන්නම්.."

" සුදු පුතා අම්මට වෛර කරන්න එපා..අම්මා ඔයාගේ හොදට කියන්නේ... "

" අම්මා අපි මේක ගැන කතා නොකර ඉමු.. ගිය අවුරුද්දෙ අප්‍රේල් වල මෙක දැනගෙන මේ අවුරුද්දේ ජනවාරි වෙනකන්ම ඉවසන් හිටියා වගේ මෙ දවස් ගානත් ඉවසන්න.. "

මම කාමරේට ආවා..

දෙව් එක්ක ඇල්ල ට්‍රිප් එක සතුටින් ඉදලා එයා ආස හැමදෙයක්ම කරලා ගෙදරට ගොඩ වුනා විතරයි අම්ම අහපු පලවෙනි දේ අපේ සම්බන්දෙ ගැන..

සම්බන්දෙ නවත්තන්නම් කියලා බොරුවක් කිව්වේ මම එයා රට යන්න කලින් එයාත් එක්ක ට්‍රිප් එක යන්න ඕනි නිසා..මොකද එදා දෙව්ගේ අප්පච්චිගෙන් මම විස්තරේ දැනන් හිටිය නිසා..

ඒ කොහොම වුනත් දෙව් රට ගියාට පස්සේ එයාගෙන් යම් තාක් දුරකට හරි මට ඈත් වෙන්න වෙනවා කියලා මම තේරුනා..මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරි ප්‍රශ්නයක් ඔලුව ඇතුලේ වද දුන්නා..

දෙව් රට යන්න ඔන්න මෙන්න තිබිලා මේ විස්තර එයා දැනගත්තොත් එයා රට නොගිහින් මන් ලගින් ඉන්න ඕනි කියලා නවතිනවා..එහෙම වුනොත් මම නිසා එයාගේ අවුරුදු 10ක් තිස්සේ දැකපු හීනේ නැති වෙලා යනවා..එයාගේ අප්පච්ච් ජීවිත කාලෙම දැකපු හීනේ නැති වෙලා යනවා..මට ඒක කියටවත් කරන්න බැරි නිසයි මම අපෙ අම්මට බොරු කියලා දෙව්මිණව රට යවන්න උනන්දු කෙරෙව්වෙ..මම මෙහෙ ප්‍රශ්න කන්දක හිර වුනත් මට ඕනි දෙව් එයාගේ හීනෙට යන එක..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )On viuen les histories. Descobreix ara