CHAPTER 13 🌸

2K 279 94
                                    

" එම්බියුලන්ස් එකකට කතා කරන්න..ටග්ගාලා.. ටග්ගලා කොල්ලව උස්සලා ගන්න "

" අනේ දෙව්.. කතා කරන්නකෝ.. දෙව් අහන්නකෝ අනේ මට සමාවෙන්නකෝ...ප්ලීස් කතා කරන්නකෝ.. "

" උද්‍යාන එයා ගැන අපි බලාගන්නම්..හංසජ රිසව් ප්ලේයර් කෙනෙක්ව දාලා මැච් එක ඉවර කරලා ඉන්න "

" අනේ සර් දෙව්මිණට කියන්නකෝ මාත් එක්ක තරහ වෙන්න එපා කියලා.. මම එයාට බැන්නේ හිතලා නෙවෙයි කියන්න.. අනේ දෙව්මිණට කතා කරන්න කියන්නකෝ සර්.. "

දෙව්මිණ ලේ පෙරාගෙන සිහි නැතුව ඉන්නවා දැක්කම මට මාව කන්ට්‍රෝල් නැති වුනා..

මැච් එකට කලිනුත් අර ගෝත බූරු මිනිහා මගේ ලගට ඇවිත් මාව බලෙන් අල්ලන්න හැදුවා.. ඒක දැක්ක එකම කෙනා දෙව්මිණ විතරක් වුනා..දෙව්මිණ ඒ මිනිහා එක්ක රණ්ඩු වෙන්න ලෑස්ති වුන නිසා මම දෙව්මිණට බැනලා එක්කන් ආවා..මම බය වුනා මම නිසා එයා රණ්ඩු වලට පැටලෙයි කියලා..ඊට වඩා මම බය වුනා මැච් එක ඔන්න මෙන්න තියල එයා රණ්ඩු වලට ගිහින් තුවාලයක් කරගනී කියලා..ඊටත් වඩා මම බය වුනා ප්‍රසිද්දියේ රණ්ඩු වෙලා එයාට මැච් එක ගහන්න නොදී ඉදී කියලා..මට ඕනි වුනේ මේ මොහොතට එයාව එතනින් ගලවලා ගෙනියන්න විතරයි...

ඒත් අන්තිමේදී දෙව්මිණ ඒ දේ තේරුම් ගත්තේ වැරදියට..මම ඒ බූරුවා ඉස්සරහ ඕනිවට වඩා කැපිලා පේන්න යනවා කිව්වා මම උගෙ පැත්ත අරන් දෙව්මිණව අරන් ආවලු..දෙයියනේ මම ඒ ජරා මිනිහාගේ පැත්ත ගන්නේ මොකටද? මට අවංකවම දුක හිතුනා..මාව ඒ තරම් ජරා විදිහටද එයාට පේන්නේ?

" දෙව්මිණ දැන් ඔයා කියන්නේ මම ඒ ජරාවගේ පැත්ත අරන් ඔයා ඌට ගහයි කියලා බයට ඔයාව එක්කන් ආවා කියලද "

" නැත්නම් වෙන මොකටද..තමුසේ ඔච්චර ආසද තමුසෙගේ ඇගේ දැවටෙනවට ආහ් "

" තමුසෙට දැන් මාව පේන්නේ ඒ වගේ ජරාවක් විදිහට දෙව්මිණ..කියනවා...තමුසෙ මගෙ යාලුවා විදිහට ඉදපු මාස ගානේ තමුසේ මාව දැක්කේ ඒ වගේ ජරා ලමයෙක් විදිහටද.. එක දවසක් කියපන් මම උඹ ඉස්සරහ ඒ විදිහට ඉදපු..එක දවසක් කියපන් ඉතින් "

" සු- සුවී සො-සොරි මම ඒක නෙවෙයි මීන් කරේ..මම ඒක කිව්වෙ හිතලා නෙවෙයි "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now