දේදුණු ආයිත්තම්

70 16 18
                                    

අඳිනෙමි
පළඳින්නෙමි
දේදුණු ආයිත්තම්
මගේ යහන් තලය මත
සැතපෙන්නේ කවරෙකු ද
ලොවට කියාපෑමට නොව,

මඟේදී තොටේදී
යනෙන හැම තැනේදී
නිමේෂයකට ගැටෙන
දේදුණු පැහැති
හෘදයවස්තු හිමි
අයවලුන් හට ඔවුන්
හුදකලා නොවන බව
කොඳුරා කියන්නට...

නෙක පමණැති මිනුම් දඬු
තබා ඔවුනගෙ ගෙලට
දෝෂාරෝපණ පිහි තුඩු
එල්ල කර හදවත් වෙතට
ඔවුන් අඳුරේ ගිල්වා තැබූ
ඔවුනට කෙණහිලිකම් කළ
වධක භූමියෙන් ගැලවෙන්නට
ඔවුනට ආලෝකයක් වන්නට...

shwe_min

* * * * *

මට මේක ලියන්න හේතුව වුණේ Gethmini012 අක්කගේ status එකකින් දැකපු පෝස්ට් එකක්. ඉතින් මන් මේ නිසඳැස dedicate කරන්නෙ එයාට...♡♡

ඔය පහළින් තියෙන්නෙ ඒ පෝස්ට් එක..

ඒකෙන් කියවෙන දේ කවියට හරවන්න මං මට පුළුවන් උපරිමයෙන් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒකෙන් කියවෙන දේ කවියට හරවන්න මං මට පුළුවන් උපරිමයෙන් කරා. මං සාර්ථකද නැද්ද කියන්න නම් දන්නෙ නැහැ. ඒක ඔයාලම තීරණය කරන්න. :)

ඉතින් දේදුණු පාට හදවත් තියෙන මගේ යාළුවනේ... ඔයාලා පොඩ්ඩක්වත් තනිවෙලා නැහැ හොඳද? ☺🌈❤

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now