ගමනාන්තය

15 4 2
                                    

පළවෙනි වතාවට මගෙ කවියක් පත්තරේක පළවුණා මේ සඳුදා.. ඉතින් මගේ සතුටයි , ඒ කවියයි දෙකම ඔයාලා එක්ක බෙදාගෙන යන්නයි මං මේ ආවේ...♡♡

* * * * *

ගමනාන්තය

ජීවිත කතා පොතේ
මතක පිටු ඉර ඉරා
බිමට දම දමා
සොයා ගියෙමි මම
නුඹ ගැන නොලියැවුණු පිටුවක්

අන්තිමට ඉතිරි වුණේ
පිටකවරය පමණක්
හරවා බලද්දී
එහි පිටුපස තිබුණෙත්
නුඹේම රුවක්

ඉතින් එයත් ඉරා
දෙකඩ කෙරුවෙමි මම
ඉන්පස්සේ වටපිටාව ම
අඳුරු වී ගිය බව
විතරමයි මට මතක

ආපසු බලනවිට මම
මගෙ දෑස් විවර කර
නුඹ වත් මම වත්
එතැන සිටියේ නැත

මගෙ නමින් බෞතීස්ම කළ
කයක් පමණක්
බාල්කයක එල්ලී තිබිණ

♥shwe_min♥

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now