හරිත ෆැන්ටසියට ආදරෙන්,

59 12 13
                                    

වේඝර්ණ - ආශක්‍ය
දෙපෙළපත අතරත
සහශ්‍රක ගණනක් පුරාවට
බුර බුරා ඇවිලෙන
අග්නි ජාලය...

අනපේක්ෂිත නිමේෂයක
ඒ අග්නි ජාලය
පරයමින් පැන නඟින
ෆැන්ටසියට රියැලිටියත්
රියැලිටියට ෆැන්ටසියත්
හරිම පදමට එක්කාසු වුණ
ලෝහිත අක්ෂි යුගලකට
හරිතවන් අක්ෂි යුගලක්
එක් වූ රෝමාන්තික බන්ධනය...
"මියුර්ය"

ඒ ලෙසින් ම නොවුණත් එලෙස
සහශ්‍රක ගණනක් පරණ
නයි - මුගටි වෛරයේ
පවුරු බිඳ දමමින
සහෘදත්වයෙන් බැඳෙමින
සොම්නසත් දොම්නසත්
සම සමව බෙදා ගනිමින
නව ලොවක මං සොයා යන
උරුමකරුවන් යුවල...
"වින්ද්වීෂ්"

තව නොයෙක් මේ වැනි ම
හිනැහීම් , මිමිනුම් , වැළපුම්
බැඳුම් හා ගැටුම් මධ්‍යයේ
පෙරට ඇදී යන
පෙළපත් ද්විත්වයේ කතාන්තරය...

සෑම වතගොත
තබන්නට අප හමුවට
පරිකල්පනයේ සායම්
අරගෙන මස්තිෂ්කයේ සිට
තවරා පන්හිඳක තුඩ
ෆැන්ටසියේත් රියැලිටියේත්
බිඳක්වත් ලුණු ඇඹුල් අඩු නොකර
තැඹිලි පැහැ අවකාශයක තබන
කතුවරියගෙ මනහර වචන...

♥shwe_min♥

* * * * *

හෙලෝ....

මේක Bulbz_D අක්කගෙ Plot 23 කතාව වෙනුවෙන්.. මන් හිතන්නෙ මෙතන ඉන්න ගොඩක් අය දැනටමත් ඒක කියවනවා ඇති. කියවපු නැති ඉන්නවා නම් දැන්ම ගිහින් කියවන්න පටන්ගන්න. ඒක තනිකරම අධිමාත්‍රාවක්. මාව විශ්වාස කරන්න. ඔයා අනිවාර්යෙන් ම ඒ කොළපාට ලෝකෙට පිස්සු වැටෙයි..♡♡

Bulbz_D අක්කේ මට ඇත්තටම ඕනි වුණේ අනිත් රීඩර්ස්ලා වගේ ම කතාව ගැන හිතෙන හැමදේම කියලා ඔයාට ලියුමක් ලියන්න. ඒත් මන් ලියුම් ලියන්න ඒ තරම් දක්ෂ නැහැ. ඉතින් ඒ වෙනුවට මන් ලියපු මේ නිසඳැස ඔයා සතුටින් බාරගනීවි කියලා මන් හිතනවා ☺❤✨

♥shwe_min♥

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now