මගහැරුණු පෙම

17 5 4
                                    

රිදීවන් මහ නැව් රාජයෙක්
මහා සයුරේ පාව යන්නා
වෙරළෙ උන් එක රුවැති යුවතියක්
ඒ නැව දෙසම බලා උන්නා

කඩවසම් නැව්පතින් දෙපළක්
ඒ නෞකාව තුළ ගමන් ගන්නා
එයින් එක නැව්පති කෙනෙක් වෙත
ඇගේ හදවත බැඳී තිබුණා

නැවේ යන'තර මේ නැව්පතින්
එකිනෙකා හා පෙම් කෙළින්නා
ඈත හිඳගෙන උන් යුවති ගැන
හාංකවිසියක් උන් නොදන්නා

වෙරළෙ කොනක උන් තවත් එක් රුවක්
ඒ යුවති හට පෙම් බඳින්නා
ඒත් සයුරටම බැඳි ඇගේ දෑසට
ඔහුගෙ රුව මගහැරී තිබුණා!

♥️shwe_min♥️

අපි නොදන්නවා උනාට සමහර වෙලාවලට අපිටත් මේ වගේ මගහැරුණු ප්‍රේමයන් කොච්චර නම් තියෙන්න ඇතිද නේද?

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now