~ 5 ~

251 69 12
                                    

සුරතල් සිනහවන්
කෙළිලොල් දඟකෙරුම්
කිරිකැටි වදන් නුඹෙ
නැති අඩුව දැනෙ නොඅඩුව

එවෙනුවට අද සිටින
දිරිය දියණිය මගේ
අභිමනකි ගෙනෙනුයේ
මෙමහලු වූ හදවතට

නුඹෙ සතුට ඇහිරීම
මසතුටද ඇසුරුවද
නුඹෙ රැකුම වෙනුවෙනුයි
මෙසියල් අණ කෙරුම්

ඉදින් කරනුද කමා
නුඹෙ පියාණන් හට
මගෙ පුංචි කුමරියේ
මහී මගෙ දියණියේ...




එදින රාත්‍රියේ සැතපීමට නොහැකිව, දිවියේ ප්‍රථම වරට දියණියගේ සතුටට බාධාවන දෙයක් සිදුකළ පසුතැවිල්ලෙන් පීඩාවිඳි සීහසේන රජු තම සිතැඟි දහරාව වදන් වලට පෙරළා තල්පතක් මත ගැල්වුයේ මෙඅයුරිනි...


***









ඊළඟ එක කවදා දෙන්න වෙයිද දන්නේ නෑ... පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම් :)

මට වෝට් එපා, කමෙන්ට් විතරයි ඕනේ...

මං කියවලා තියෙන අනිත් ඉතිහාස කතා එක්ක බලනකොට මේක හරිම සරලයි, ඒ තරම් ලස්සනත් නැහැ කියලා දන්නවා. ඒ නිසා ඔයාලගේ හිතට එකඟව මම ලියන විදිය ගැන තියෙන අඩුපාඩු , උපදෙස් මේ ඕනම දෙයක්  කමෙන්ට් කරන්න. ඒවා මට ගොඩක් වටිනවා, කිසිම කමෙන්ට් එකක් නිසා තරහ ගන්නේ නැහැ, සතුටින් භාරගන්නවා. මොකද මට ඕන ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න.

ස්තූතියි .

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now