~ 28 ~

190 43 51
                                    


මහීසේනා තිගැස්සී අවදි වූවාය.


ඔව්...එය සිහිනයකි. එය බියකරු සිහනයක් පමණක්ම විය.සිදුවූ සියල්ල නිසා වියවුල් වූ මනසේ එම සිද්ධි කැලතී ඇති වූ සම්මිශ්‍රණයක ප්‍රතිඵලයක් නිසා යුවිධායුගේ මුහුණත්, හිමක්ෂගේ වියරු සිනහවත් මුසුවූ ඒ බියකරු සිහිනය හුදෙක් එක් සිහිනයක් පමණක්ම බැව් ඈ වටහාගත්තේ සයනය මත හිඳගනිමිනි.


මහීසේනා නැවත මාළිගයට පැමිණ සිටියාය. තම කුටියේ වූ තම සයනය මත නැවත වැතිරෙමින් ඈ කල්පනා කළේ තමා දින කීයක් සිහිසුන්ව සිටින්නට ඇතිද යන්නයි. මදින් මද පියවි සිහිය ලැබෙද්දී සිදුවූ සියල්ල ඇගේ මතකයට ගලා එන්නට විය.




එදා මහීධ්විකාගේත්, හිමක්ෂගේත් සිරුරු මිහිදන් කර, යුවිධායු සහ වේලු සමඟින් නැවත මාළිගය කරා පැමිණෙමින් සිටියදී පෙර ඈ ලත් අර හසුනේ වූ සඳහනට අනුව ඈ මහීධ්විකාව හමුවීමට පැමිණි නුග වෘක්ෂය අසලදී රාජකීය සෙබළු පිරිසක්  ඈ වෙත ආහ.


" මහී කුමරියනී........................ "


සුපුරුදු වූත් , ආදරණීය වූත් ආමන්ත්‍රණය භද්‍රාගෙනි. සෙබළුන්ටත් පෙර වහා ඈ වෙත දිව ආ භද්‍රා හඬා වැටෙමින් මහීසේනාගේ දෙපාමුල වැටී ඇගේ දෙපතුල් සිපගත්තේ කඳුළු අතරිනි.


" භද්‍රා... නැගීසිටින්න භද්‍රා... මට අනතුරක් නැහැ මා හොඳින් සිටිනවා භද්‍රා "


" අ..අනේ කුමරියනි........ ඔබතුමිය... කොහිද ගියේ..ම..මට හමුවූවා ඔබතුමියගේ කුටියේ තිබී මා එදා ඔබතුමියට භාරදුන් හසුන...එය..කියවූ විටයි මා ඔබතුමියගේ අතුරුදන් වීමට හේතුව වටහාගත්තේ...මා..මා.. වහා මහ රජතුමාට දැන්වූවා.. රජතුමා සෙබළුන්ට අණකළා කෙසේ හෝ කුමරියව සොයාගන්නා ලෙස. ඔබතුමිය අතුරුදන්වූ නිසා මුළු මාළිගයම කැළඹිලා. දැන් සදිනක් තුරාවට ඔබතුමියව සැමතැනම සෙවූවත් සොයාගත නොහැකි වූවා.. අනේ කුමරියනි...මගේ මහී කුමරියනි... ඔබතුමිය නැවත පැමිණියා... "මහීසේනා භද්‍රාව නැගීසිටුවා ඈව වැලඳ ගත්තේ ඈව සනසවමිනි. භද්‍රා යනු ඇයට හුදෙක් දාසියක් නොවීය. මෑණියන් අහිමිවූ දා සිට ඇගේ දෙවැනි මවු අමිතසේනා දේවිය වූ ලෙසටම, තෙවැනි මවු භද්‍රා වූවාය.

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now