"ඔ...ඔබ.... "
තමා දෙසට පහත් වූ ආගන්තුකයාව හඳුනාගත් මහීසේනාට විස්මයත්, කම්පනයත් නිසා කතා කිරීමට හඬ සොයා ගත නොහැකි විය.
" ඔව් ... මේ මම තමයි. ඔබට තවමත් මා මතක තිබීම ගැන සතුටුයි මා හට "
" නමුත්.. නමුත් හිමක්ෂ අයියණ්ඩී.. ඔබ ... "
" ඔව් මහීසේනා මේ ඔබේ සොයුරු හිමක්ෂ තමයි. බොහෝ කාලෙකින් මගේ නැගණියව දුටුවේ. ඉදින් කෙසේද ඔබට ? සුවෙන් සිටිනවාද ? "
" සුවෙන් ? සුවෙන් ?? කුමක්ද මේ සියල්ලෙහි අරමුණ ? මෙය ඔබේ කුඩා කල සරදම් වලින් එකක්ද ? මාව වහා නිදහස් කරන්න හිමක්ෂ අය්යණ්ඩී "
නමුත් කිසිවක් නොපැවසූ හිමක්ෂ ඊට පිළිතුරු දුන්නේ සීතල සිනහවකිනි.
හිමක්ෂ කුමරු , මහීසේනාගේ මෑණියන් මියගිය පසු ඈව හදා වඩාගත් ඇගේ සුළු මෑණියන් වූ අමිතසේනා දේවියගේ එකම පුතු වූවාය. ඔහුගේ පියාණන් නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රාන්ත පාලකයෙකු වූ අතර , පියාණන්ගෙන් පසුව ඒ තනතුර හිමක්ෂ ට උරුම වනු ඇත. කුඩා කල පටන් ඔහු බොහෝ කාලයක් ගත කළේ රජ මාළිගය තුළයි, මන්ද, ඔහුගේ මැණියනුත් එහි වාසය කිරීම නිසායි.
මහීසේනාත්, හිමක්ෂත් අතර වූයේ තෙවසරක වයස් පරතරයක් වූ අතර, එනිසාම තමාට ක්‍රීඩා කිරීමට අයියණ්ඩියෙක් ලැබුණා යැයි පුංචි මහීසේනා තුටු වූවද කරුණු එලෙස සිදු නොවීය. කලහකාරි ස්වභාවයක් දැක්වූ හිමක්ෂට මහීසේනා සමඟ කෙළි සෙල්ලම් කිරීමට අවැසි නොවූ අතර, ඈට නැගණියකට මෙන් ආදරයෙන් සැලකුවේද නැත. ඊට හේතුව කුමක්දැයි පුංචි මහීසේනා කල්පනා කළද, පසුව එය ඈට ගැටළුවක් නොවූයේ පියාණන් ඇගේ තනිය මකන්නට ධවලකාලයන්ව ත්‍යාග කළ නිසයි.
" හිමක්ෂ අය්යණ්ඩි, ඇසුණේ නැතිද ඔබට ? මාව නිදහස් කරන්න අයියණ්ඩි...මා මෙන්ම මොහුවත්. "
කිසිවක් වටහා ගත නොහැකිව බලා සිටි යුවිධායු දෙස බැලූ මහීසේනා පැවසීය.
KAMU SEDANG MEMBACA
මහීසේනා [ Historical ] [✓]
Fiksi Sejarahනමින් මහීසේනා වූ ඇය... හෙළ දේශය එසමයේ පාලනය කළ සීහසේන රජුගේ දූ කුමරියයි... (ප්‍රබන්ධ කතාවකි) ඇරඹුම ~ 2021.09.18. නිමාව ~ 2021. 11. 08