~ 14 ~

214 54 17
                                    


" මදක් නවතින්න. ඔබ මේ වනය ගැන මට වඩා හොඳින් දන්නා බවයි පෙනෙන්නේ. ඇතැම්විට ධවලකාලයන් අවට කොහේ හෝ සිටින්නට පුළුවන්. මා ඔවුන්ව ඇඳිරි වැටීමට පෙර සොයාගත යුතුයි. මා පිටත් වෙනවා ඔවුන්ව සොයන්නට. ඔබටත් කැමති නම් පැමිණිය හැකියි "

තරුණයාගේ උපකාරය වැදගත් වනු ඇතැයි සිතූ මහීසේනා මෙලෙස පැවසුවද, හිත තුළින් ඔහුව කිසිවිටෙක්වත් විශ්වාස නොකිරීමට සපථ කරගත්තාය.

ඉවතට හැරී සිටි තරුණයාගේ මුව වසා තිබුණද දෑසේ වූයේ උපහාසයත්, ආඩම්බරයත් කැටිවූ බැල්මකි. ආපසු හැරුණු ඔහු උගුර කට පෑදුවේ තමාගේ වැදගත්කම පිළිබඳ හටගත් අභිමානයකින් මෙනි.


" අහ්ම්.. උපකාරයක් නම්... කළ නොහැකි නැහැ. නමුත් මෙහි ගැටළුවකට තිබෙන්නේ මා ඔබ කවුරුන්ද කියා දන්නේ නැහැ. අඩුම තරමෙ ඔබේ නමවත්... ඒ වගේම ඔබ මුහුණත් වසාගෙනයි සිටින්නේ ... ඉදින් මට ඔබ විශ්වාස කිරීම නම් එතරම් පහසු නැහැ "

තරුණයගේ උඩඟු වදන් වලින් කිපුණු මහීසේනාට ඔහුත් සිටින්නේ මුහුණ වසාගෙන බව මතක් කර දෙන්නට දිව අගටම පැමිණි ඒ අපූරු වදන් පෙළ පාලනය කරගැනීමට සිදුවූයේ අපහසුවෙනි.


" නුඹට මගේ නාමයද අවැසි ? මගේ .. නම.. මහී. " , මහී යන්න දැන සිටියේ ඇගේ සමීපතමයින් පමණක් නිසා එනමින් තමා මේ රාජ්‍යයේ කුමාරිකාව වන මහීසේනා බව වටහා ගැනීම අන් අයට නොහැකි වනු ඇත. එමෙන්ම මේ තරුණයා තමා දාසියක් බව දැනටමත් සිතා සිටින බැවින්, තමා සාමාන්‍ය වැසියන්ගේ කතා ශෛලිය අනුගමනය කළ යුතු බව වැටහුණද ඇයට එය එතරම් පහසු නොවූයේ තමාට සුපුරුදු රාජකීය විලාසය නිතරම ඇගේ වදන් වලද තැවරුණු බැවිනි.


" මහී... නම නම් හරිම සුරතල් , ඔබ මෙන් නොවේ... මා ඔබට නම තැබුවා නම් තබන්නේ මේඝාග්නි කියායි. මොකද ඔබ කුණාටුවක් වගේ නිසාත් නිතරම කෝපයෙන් ඇවිලී සිටින නිසාත්. "


" නුඹට මම... කුමක්ද නුඹේ නම ? "


" මමද? මම... යුවිධායු. "


" යුවිධායු ? එහි අරුත ඔබ දුනු ශිල්පයට උපතින්ම දක්ෂයෙකු බව නොවේද ? මා දුටුවා ඔබේ ඒ අපූරු දක්ෂතාවය ඔබේ පළමු ඉලක්කය සාර්ථක වුණු ආකාරයෙන්ම. හහ්, නුඹ මටයි පවසන්නේ කතාව දෝලාවෙන් ගමන් පයින් කියා.. "

මහීසේනා [ Historical ]  [✓]Место, где живут истории. Откройте их для себя