~ 11 ~

203 53 0
                                    

පිටුපස හැරී බැලූ මහීසේනා දුටුවේ දුනු මානාගෙන සිටිනා තරුණයෙකි.


ඔහු දුන්න මානාගෙන සිටියේ ඈ දෙසට නොව මුව පොව්වා පලා ගිය දිශාවටය. සැකය ආත්මාරක්ෂාවට ඉතා වැදගත් බව හොඳින් දැන සිටි මහීසේනා තම දුනු හී පහත නොහෙළා ඔහු දෙසට මානා සිටියාය. පෙර ඈව ඉලක්ක කරගෙන සිට ඈ හැරී බැලූ නිමේෂය තුළ ඔහු දුන්න වෙනතකට මෑනුවාදැයි දන්නේ කවුරුන්ද ?


පළමු බැල්මෙන්ම ඇය මේ තරුණයාව හොඳින් නිරීක්ෂණය කළාය. ඔහු හැඳ සිටියේ කාල වර්ණ වස්ත්‍රයකි. එමෙන්ම ඔහුද ඈ මෙන්ම මුව ආවරණය කරගෙන සිටියේ , නමුත්, ඒ කාල වර්ණ රෙදි කඩකිනි. ඔහු දුනුහී දරා සිටි ආකාරයට නම් ඔහු එහි දක්ෂයෙකු බව පෙනුණද පෙර ඉලක්කය වැරදී ගිය අයුරු ඈට සිහිවිය. මේ වන විට තරුණයා ඇය දෙසට පැමිණෙමින් සිටියේය.


ඈ සටනට සූදානම්ව,


" කවුරුන්ද නුඹ ? කොහිද මගේ ධවල කාලයන් ? වහා පවසනු !!! නුඹ ඔවුන්ට කුමක්ද සිදුකළේ ? "


ඇගේ දැඩි හඬින් තරුණයා තිගැස්සුණද ඔහුගේ දෑසේ වූයේ ප්‍රශ්නාර්ථයකි.


" ඔබ මොනවද මේ කියන්නෙ ? ධවල... මොකුන් ? ඒ කවුද ? මමයි අහන්න ඕන ඔබ කවුද කියලා... ඔබ හින්දා තමයි මගේ ඉලක්කයත් වැරදුනේ. කුමක්ද කාන්තාවක් මේ වනය මැද තනිවම කරන්නෙ ? ඔබ අතරමං වුණ කෙනෙක්ද ? "


" මුසා නොපවසනු ! නුඹම නොවෙද මට පැවසුවේ මට මෙහි පැමිණෙන ලෙස ? ධවල කාලයින් කොහිදැයි පවසනවා ! නැතිනම් මගේ හීය නුඹේ හිසේ අනික් පසින් මතුවේවි නිසැකවම ! "


" හොහෝ ! ඔබේ සැර. මට නිනව්වක් නැහැ ඔබ ඔය පවසන්නේ කුමක් ගැනද කියා. "


" වරක් පැවසුවා නොවෙද මා මුසා නොපවසන ලෙස . වහා සත්‍ය පවසනු. නැතිනම් මෙහිම නුඹේ අවසානය සිදුවේවි ! "


එවර නම් තරුණයා දැඩි ලෙස කෝප වූ බවක් පෙනුණි.


" නුඹ කෙසේද මට ඔහොම කතා කරන්නේ ? ආ ??? වරක් පැවසුවනේ මා නොදන්නා බව ! නුඹම තමයි මෙහි පැමිණ මගේ දඩයමටත් බාධා කළේ. දැන් නුඹ මට බොරු චෝදනා නගනවා. හහ්, ඔබ සිතන්වාද මාව එසේ පහසුවෙන් ඉවර කළ හැකියි කියා ? හොඳයි එසේනම් එනු සටනට . කාන්තාවක් නිසයි මෙතරම් වෙලා ගරු කරල කතා කළේ. නමුත් ඔබ මට සළකන්නෙ ඔහොම නම් මාත් එලෙසටම ප්‍රතිචාර දක්වන්නම් ! "


මෙවර නම් තරුණයා දුනු හී අමෝරා ගත්තේ සැබෑවටම මහීසේනාව ඉලක්කය කරගනිමිනි.



***


ඔන්න තව කවුද කතාවට ඇවිල්ලලු.


ඉස්සරහට මොනවා වෙයිද කියලා මං දන්නෙ නෑලු.


මං හරිම අහිංසකයිලු.


හිහී...


මේ... ඇත්තටම කවුද ඒ ? එයාද මහීසේනාට අර හසුන එව්වෙ ?එයා කරන්නෙ බොරු රඟපෑමක්ද ?

දෙන්නාගේ කතා ශෛලී දෙකේ වෙනසක් නෝට් වුණාද ?


ඔව් ඉතින් කුමරිය කතා කරන්නේ රාජකීය ශෛලියටනේ.. අනිත් අය ඊට වෙනස්නේ ...


ඔයාල පොඩ්ඩක් මවාගන්න. මහීසේනා තනි සුදු ඇදගෙන . අනිත් එක්කෙනා තනි කලු ඇඳගෙන. දෙන්නම මූණත් වහගෙන. සටනකටයි සූදානම. :)


ආහ්.. පොඩි මතක් කිරීමක් :-


අර එදා ධවලවයි, කාලවයි පැහැරගත්ත දවසේ රෑ මාළිගාවෙ නැගෙනහිර දොරටුවෙන් මහ රෑ කවුද පැනලා ගියේ ... ඒ කෙනා ( කාන්තාව හෝ පුරුෂයා)... එයත් ඇඳගෙන හිටියෙ කාල වර්ණ වස්ත්‍රනේ...මූණත් වහගත්ත කෙනෙක්නේ..


නිකන් මතක් කළේ :)


මං ගියා.

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now