Ding Dong - 2 💀

31 3 0
                                    

#2

කොහොමහරි අපි කාලා බීලා ජින් හියොන්ටත් කියලා පිටත් උනේ ඔෆිස් යන්න....අද අපිට වැඩ ගොඩක් තියෙනව...කොහොමත් මේ මාසෙම වැඩ ටික කාටහරි දෙන්නත් ඕන.....
අපි දෙන්නම ඉක්මනට ඔෆිස් එකට ගියා....අපි දෙන්නම ගියේ අපේ කැබින් එකට.....

" හබී අහන්නකො මැණික....."

" කියන්න කූ...."

" මට අර ජෙනී කියන ගෑනිව එච්චර අල්ලන්නෙ නැහැ...ඒකි අලුතෙන් ආවත් ඕනවට වැඩී....."

" ජෙනී...."

මන් එහෙම ඇහුවෙ මට ඒ වගේ නමක් මතක නැති නිසා...සාමාන්‍යයෙන් මම හැම සේවකයෙක්ගෙම නම් හොඳට දන්න කෙනෙක්....ඒත් ජෙනී....

" ඒකි නිතරම හදන්නෙ ඔයාගෙ ඇඟේ එල්ලෙන්න හබී....මන් ඒකට කැමති නෑ....ඒකිව අස් කරන්න..පෙරේදා වැඩට ආපු නිසා අස් කරන්න බැරි නැහැනෙ...."

පුංචි pout එකක් දාලා එයා එහෙම තරහෙන් වගේ කිවුවට මොකෝ මට හිනා ගියා....මොකද මගෙ හා පැටියා තරහ ගියාම ඉන්නවටත් වඩා කියුට් නිසා...කවුද ඒත් ඔය ජෙනී.....

" මොකද මනුස්සයො හිනා වෙන්නෙ..."

" හ්ම්ම්...එයා කරේ නැග්ගට මන් එයාව නග්ග ගන්නෙ නෑනෙ මැණික...ඔයා ඒ ගැන වද නොවී ඉන්න.....හ්ම්ම්..."

මන් එයාගෙ ඔලුවට පෙක් එකක් දෙන ගමන් එහෙම කිවුවෙ නම අමතක උනත් මන් මැරීඩ් කියල නොදන්න කෙල්ලො ගොඩක් මගෙ ඇඟේ එල්ලෙන්න ට්‍රයි කරන නිසා...ඒන් කෙනෙක් කූ කියන ඔය ජෙනී කියල මට හිතුණා.... ඊටපස්සෙ මගෙ කූ මට තුරුලු උනා හරියට පොඩි එකෙක් වගේ....අනේ ඉතින් මගෙ මැණික් කැටේ....

" හබී කවදාවත් මාව දාලා යන්නෙ නෑ නේද...."

එකපාරට මගෙ මැණික හෙන low voice එකකින් ඇහුවා....

" මොනාද මැණික මේ කියන්නෙ...හබී මගෙ පනව දාලා කොහෙවත් යන්නෙ නැහැ....තේරුණාද මගෙ හා පැටියට..."

මන් එහෙම කියද්දි එයා මට තව තවත් තුරුල් උනා....

" හුම්...."

එකපාරටම මට ඇහුණෙ දොර ඇරුණ සද්දයක්...

" මේ සොරි සර්...."

~~~
මන් හබී එක්ක තුරුල් වෙලා ආදරෙන් ඉන්නකොට දොරත් ඇරගෙන මොකෙක් හරි හෙනහුරෙක් පාත් උනා...ඔව් ඒ වෙන කවුරුත් නෙවේ ජෙනි.....

Ding Dong || COMPLETED || ( Horror )Where stories live. Discover now