Ding Dong - 8 💀

46 8 0
                                    

#8

" කිම් ටේහන්....ඔයාගෙ නිවුන් සහෝදරයා වගේම මගෙ ලොකු මල්ලි...."

හියොන් එහෙම කියද්දි මට එයා ඒ කියපු දේ විශ්වාස කරගන්න බැරුව ආයෙත්....

"හියොන්..."

" ඔව් ටේහ්‍යුන්ග්...ඒ ඔයාගෙ ට්වින් කිම් ටේහන්....ඉපදුණ දවසෙ ඉදන් හැමෝමට රහසක් වෙලා ජීවිතේ විඳින්න කියල පටන් ගන්නකොටම රහසක් විදිහටම මැරිලා යන්න උන උබෙයි මගෙයි එකකුස උපන් සහෝදරයා කිම් ටේහන්...."

( නම්ජුන් අඬ අඬ එහෙම කියද්දි ටේහ්‍යුන්ගෙ ඇස්වලිනුත් කඳුලු වැටුණෙ එයාට ට්වින් කෙනෙක් ඉන්නව කියන ආරංචිය එක්කම එයා දැන් මේ ලෝකෙ ජීවතුන් අතර නෑ කියල දැනගත්තම ඇතිවුන දුක නිසා....මේ කතාව අහගෙන හිටිය හැමෝම උන්නෙ ශොක් වෙලා...ජන්කුක්ත් ඇතුළුව...මොකද එයා නිදාගෙන වගේ හිටියට එයා ඇත්තටම එයා හිටියෙ ඇහැරිලා...)

" හියොන්....ඇ ඇයි.....ඇයි මට නොකිවුවෙ මට නිවුන් සහෝදරයෙක් හිටියා කියල හියොන්.....අඩුම ඇයි ඔම්මවත් අප්පවත් කවදාවත් මට ඒ ගැන නොකිවුවෙ...ඇයි...අ අනික ටේහන්ට මොකක්ද උනේ හියොන්....එයාට..එයාට කොහොමද එහෙම දෙයක් උනේ..."

( ටේහ්‍යුන්ග් ඇස්වල කඳුළු පුරවගෙන එහෙම අහගෙන අහගෙන යද්දි
නම්ජූන් කළේ ඇස් වල කඳුලු පුරවගෙන ඔහේ ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටිය එක....)

" සමාවෙන්න ටේ...."

" හියොන්....එයා කිවුව මේ හැමදේකටම විසඳුම තියෙන්නෙ ඔයා ළඟ කියල....මොකක්ද ඒකට උත්තරේ....මට දැනගන්න ඕන හියොන්.."

" ටේහ්‍යුන්ග්....ටේහන්ගෙ ඩයරි එක....ඒක තමයි මේකට විසඳුම...ටේහන් ඔයාට කිවුවනම් එයාගෙ වැරදි වැටහීම නැති කරල එයාගෙන් බේරෙන්න පුළුවන් ඔයාටමයි කියලා අනිවාර්යයෙන් ම මේකට විසඳුම ටේහන්ගෙ ඩයරි එක..."

හියොන් එහෙම කියද්දි මට අන්තිමට සැනසීමක් දැනුණෙ හැමදේම හොඳින් වෙයි කියන බලාපොරොත්තුව නිසා....ඒත්....

" ටේ....ඒක තියෙන්නෙ මේ බංගලාවෙ ඇතුළෙම තමයි...."

" මොහ්....හියොන්....එහෙනම් වැඩේ අපිට තවත් ලේසියිනෙ.."

මන් එහෙම කියද්දි හියොන් මගෙ දිහා බැලුවෙ හරි බැරෑරුම් විදියට...

Ding Dong || COMPLETED || ( Horror )Wo Geschichten leben. Entdecke jetzt