Ding Dong - 4 💀

29 4 0
                                    

#4

" අනේ දෙයියන්ගෙ නාමෙට ඇස් අරින්න රත්තරන්...කතා කරන්නකො..."

මොකක්ම හරි නුහුරු ගතියක් දැනුණ නිසා මම එකපාරට ඇහැරුණා...එහා පැත්ත බලද්දි මගෙ කූ එතන හිටියෙ නෑ...මන් එයා කොහෙ ගිහින්ද කියල බලන්න යන්න හැදුවත් එයා එළියෙ ඉදන් ආපහු කාමරේට එනව දැකපු නිසා මන් හැදුවෙ ආපහු නිදාගන්න......ඒත්....එයා එකපාරටම බැලන්ස් නැතුව වගේ යද්දි මන් දෙපාරක් නොහිතා එයා ළඟට දුවගෙන ගියා....තත්පරයක් යන්නත් කලින් මගෙ මැණික මගෙ අත් අතරම සිහි නැති වෙද්දි මට උනේ මොකක්ද කියල හිතාගන්න බැරිවුනා...

මන් කොච්චර කතා කළත් මගෙ කූ ඇහැරුණේ නැහැ...

"  මැණික.....ඇහැරෙන්න කූ..."

එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන මම හුඟක් බයවුනා...මන් කුකීව උස්සගෙන පහළට ගියේ ජිමින් හොබී හියොන් දෙන්නව හම්බෙන්න....මොකද එයාලා ඩොක්ටර්ස්ලා.....මන් කූව උස්සගෙන බාගයක් දුර ගියාට මොකෝ මාවත් විසි වෙන්න වගේ මට දැනෙනවා...මන් ගැන ඇති වැඩක් නෑ....මට ඕන කූව එයාල ළඟට කොහොම හරි එක්ක යන්න....
තාමත් මගෙ අත් අතර හැලහොල්මනක් නැතුව ඉන්න මගෙ මැණිකව දැක්කම මන් හැම අමාරුවක්ම පැත්තකට තියලා යුන්ගි හියොන්ලගෙ කාමරේට යන්න ගියා.....ඇතුළට ගිහින් මන් දොරට තට්ටු කළා...එයාලා නිදි ඇති...දැන් පාන්දර තුනයි ගානක්නෙ....ඒත් මන් දිගින් දිගටම එයාලගෙ දොරට තට්ටු කරද්දි ජිමිනි ඇවිත් දොර ඇරියා...

" යා ටේ මොකද මේ...කුක්ට මොකෝ...."

" මන් දන්නෑ ජිමින්....එකපාරටම එයා සිහිය නැතුව වැටුණා.."

" මොහ්...."

ජිම්න් එහෙම අහද්දි මන් දැක්කා අපි ඉන්න පැත්තට හොබී හියොන් යුන්ගි හියොන් දෙන්නත් එනවා..මන් එයාලටත් උන දේ කිවුවට පස්සෙ හොබී හියොන් ජිමින් දෙන්නා කූව ඇතුළට එක්ක ගියා...එයාලගෙ පිටිපස්සෙන් මායි යුන්ගි හියොනුයි දෙන්නත් ගියා...  එයාලා කූව චෙක් කරනවා....ටික ටික මට එයාලව බොඳවෙලා පෙනුනෙ..මන් මගෙ ළඟම හිටිය යුන්ගි හියොන්ගෙ ඇඟට බරවුනේ මට හිටගෙන ඉන්න බෑ වගේ තේරෙද්දි....

" ටේ...මොකෝ මේ....."

යුන්ගි හියොන් එහෙම අහද්දි මට පෙනුණෙ මගෙ ජන්කූගෙ පිටිපස්සෙන් තව කවුරු හරි ඉන්නව වගේ....මට ඒ සේරම බොඳ වෙලා පේන්නෙ...එ එයාගෙ අතේ පිහියක් තියනවා...එයා හදන්නෙ ඒකෙන් මගෙ මැණිකට අනින්න....නැහැ නෑ....
මන් එතනට ගිහින් මගෙ මැණිකව කවර් කරගත්තෙ එයාට ඒ පිහි ඇනුම නොවැදෙන්න....ඒත්.....

Ding Dong || COMPLETED || ( Horror )Where stories live. Discover now