Ding Dong- 10💀

22 4 0
                                    

වෙනදටත් වඩා උදෙන්ම ඇහැරුණ එයා මාවත් ඇහැරගෙනම තමා කැලේ බලන්න යන්න ලෑස්ති වුනේ...

" අනේ ඒන්ජල්....යන්කො......"

එයා මගෙ අතින් ඇද ඇද හුරතල් විදියට එහෙම කියද්දි මන් කොහොමද බැහැ කියන්නෙ......

" යන්....."

මාත් එයාගෙ අතින් ඇදගෙන දෙන්නා එක්කම ගියේ මගෙ දුකට සැපට හැමදේකදිම මගෙ ළඟින් හිටපු කැලේ බලන්න....ඇත්තටම කැලේ කියන්නෙ මට මගෙ ගෙදර වගේ....පොඩි කාලෙ ඉදන්ම හැම දුකකදිම ගුලිවෙලා ඇඬුවෙත් , සතුටකදි ටිකක් හරි ඇඬුවෙත්, අඬන්න ඉඩ දුන්නෙත් මේ කැලය විතරමයි......ටේහන්ගෙ හැම හැඟීමක්ම දන්න එකම කෙනා මේ කැලය.....

ටික ටික මන් ගුක් එක්ක කැලේටම ඇවිත්.....

" වාව්.....ඒන්ජල්....මෙහෙ මරු......"

" තව ගොඩක් තැන් තියනව....."

මන් එහෙම කියද්දි එයාගෙ ඇස් සතුටින් දිලිසුණා...මන් එයාව එක්කගෙන කැලේ වටේම ඇවිද්දා.....එයත් ඇති තරම් විනෝද වුනා....මට ඕන එයාගෙ හිනාව....මට ඒක දකින්න තිබ්බොත් ඇති හොඳටම...මන් දන්නෙ නැහ් ඒ හැඟීම.....මට වෙලාවකට හිතෙනව මන්.......එයාට ආදරෙයිද කියලත්.....නෑ නෑ....ඔයා වගේ පිස්සෙක්ට බැහැ මේ වගේ රෝස මලකට ආදරේ කරන්න ටේහන්......ඔයා වගේ කාලකන්නියෙක්ට, අනාතයෙක්ට ආදරේ කියන්නෙ තහනම් වචනයක්ම විතරයි.....

" අනේ....එන්නකො ඒන්ජල්......අපි නාමුකො...."

පුංචි පොකුණක් පෙන්නලා ගුක් එයාගෙ බැම්බී ඇස් දාගෙන කියද්දි මන් ඒකට එකඟ වුනා...පැය දෙකක්ම අපි ඒකෙ නෑවා......එයාගෙ හිනාව....මාව පිස්සු වට්ටන ඒ හිනාව දකින දකින මොහොතක් පාසා මට හිතෙන්නෙම මන් තමා ලෝකෙ මේ වෙලාවෙ සතුටින්ම ඉන්න මිනිහා කියලා.....කොහොම හරි අපි හවස් වෙනකම්ම කැලේ වටේ ඇවිද්දා...එයාගෙ කකුල් රිදුන සමහර වෙලාවල මන් එයාව උස්සගෙනත් ගියා...ඒ හැමදේකදිම ඒකාකාරව තිබ්බ එක දෙයක් තිබ්බා....ඒ එයාගෙ හිනාව....

"  ඒන්ජල්......මන් මගෙ ජීවිත කාලෙටම අද තරම් විනෝද වෙලා නෑ....ඔයා දන්නවද......මේ හැමදේම මගෙ ඒන්ජල් නිසා....ඔයාට හුඟක් තෑන්ක්..."

" ඇත්තටම ඔයා කවුද ජන්ගුක්....."

මට අහන්න ඕන ප්‍රශ්නෙ මන් අන්තිමට එයාගෙන් ඇහුවා...ඇත්තටම එයා කවුද...අහඹු විදියට හම්බවෙලා ටේහන්ගෙ ජීවිතේ මෙච්චර වෙනස් කරන්න පුළුවන් උන ඔයා කවුද ජන්ගුක්......

Ding Dong || COMPLETED || ( Horror )Where stories live. Discover now