5 කොටස 🍓

648 109 39
                                    

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.



ඊයෙ මං අයියත් එක්ක ගෝල්ෆේස් ගියා...හවස් වරුවම මහ මුහුද දිහා බලාගෙන අයියයි මායී කියො කියෝ හිටියා..අයියා අම්මා ගැන ගොඩක් දේවල් ඇහුවා....අම්මා නැතුව අයියට ගොඩක් පාලුයි කිව්වා.... අයියා ආපහු ගමට ආවෙ නැති එකට හේතුවක් තිබුනලු...ඒ මොකක්ද කියලා මං ඇහුවට අයියා කිව්වෙ හරි කාලෙ ආවහම උඹ හැමදෙයක්ම දැනගනී චූටි කියලා විතරමයි.

මං ශේප් එකෙ අයියගෙන් ආරුල් අයියා ගැනත් ඇහුවා. අයියා මට කිව්වේ එකම එක දෙයයි

" උඹට සකුල් වගේ ආරුල් තමයි උඹයි අම්මයි ඇරුනම මට මේ ජිවිතේ වටිනම මනුස්සයා...ඌ මගෙ හොදම යාලුවා විතරක් නෙමේ ඌ තමා මගෙ හයිය "

ඊට එහා අයියා මට කිසිම දෙයක් කිව්වෙ නෑ....මගෙ වදෙන් බේරෙන්න බැරිම තැන අයියා ඇහුවා ඔච්චරටම ආරුල් ගැන අහන්නෙ උඹටත් ස්කෝලෙ උන්ගෙ ලෙඩ බෝ උනාද කියලා....

අනෙව්ව්...මට ඇති ලෙඩක් නෑ අප්පාහ්...නිකම්නෙ ඇහුවෙ දැනගන්න....පුහ්: අහන්නම එක්කෙනානෙ එයා...ඊට පස්සෙ මං ආරුල් අයියා ගැන ඇහුවේ නෑ...අයියාත් මොකුත් කිව්වෙ නෑ....අපි දෙන්නා කියො කියො ඉදලා රෑ වෙලා ගෙදර ආවා...එනගමන් මගින් කාලා ආපු නිසා ආපු ගමන්ම ඇග හොදන් ඇදට පැන්නා විතරයි මතක....මට සුටුස් ගාලා නින්ද යනවා අනෙහ්...

මං දැන් ඉන්නෙ මීඩියා පීරියඩ් එකේ ඉගන ගන්න ගමන්...ඊලගට නැටුම් ඩබල් පීරියඩ්....මං හරි ආසයි ඒ පීරියඩ් එකට...ඒත්...අනේ මන්දා...මට මහ අමුතු දුකක් දැනුනා...කොච්චර හිතන්නෙ නෑ කිව්වත් මට ඒකම මතක් වෙනවා...අනේ මටත් වෙස් තියන්න පුලුවන් උනා නම්......

බෙල් එක ගැහුවට පස්සෙ සකුල් කළණ එක්ක මියුසික් වලට ගියා...මම සෙතුම් එක්ක නැටුම් වලට ගියා. සපත්තු ගලවලා නැටුම් කාමරෙ ඇතුලට ගියාට පස්සෙ අපි පෝලිමට බිමින් ඉදගත්තා.

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Wo Geschichten leben. Entdecke jetzt