31 කොටස 🍓

601 98 86
                                    



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.










"ඒක දිග කතාවක් අශස් "

" ඉතින් මට කෙටි කරලා කියන්නකො "

" මමා ඩැඩාව මැරි කරන්න කලින් ලොකූගෙ තාත්තා එක්ක එෆෙයාර් එකක් තිබිලා තියනවා. ඒ එෆෙයාර් එක දුරදිග ගිහින් අන්තිමට නැවතුනේ සමරවික්‍රම අංකල්ගෙන් මාම් ප්‍රෙග්නට් වෙලා... "

" එතකොට ජගත් හාමු මේ මොකුත් දන්නෙ නැද්ද අයියේ "

" නෑ.....ඩැඩා දැනගන්න විදිහකුත් නෑ...මොකද සීයා පපා උනත් ලොකූ ගැන දැනගත්තෙ අවුරුදු දෙක තුනකට කලින් "

ආරුල් අයියා මගේ ඇදේ ඉදගෙන හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මාව එයාගෙ පපුවට හේත්තු කරන් කොන්ඩෙ අතගාන ගමන් කියද්දි මං ඇස් උස්සලා ආරුල් අයියගෙ දිහා බැලුවා.

" මමා ප්‍රෙග්නට් උන කාලේ ඉදලා තියෙන්නෙ USA වල...එයාට ඕන වෙලා තිබ්බෙම ලොකූව නැති කරන්නලු....ඒත් සමරවික්‍රම අංකල් ඒකට ඉඩ දීලා නෑ...අන්තිමට ලොකූ ඉපදෙනකන් එහාට වෙලා ඉදලා ලොකූ ඉපදුන දවසෙම එයාව දාලා මාම් යන්න ගිහින්...."

" ඉපදුණ දවසෙම "

" ඔව් අශස්....ඔයාට හිතාගන්න පුලුවන් නේද මොන තරම් ආත්මාර්ථකාමීයි හිතක්ද එයාට තියෙන්නෙ කියලා.... මට තේරෙන් නෑ අශස් මාම් කොහොමද එහෙම දෙයක් කරේ කියලා...තමන්ගෙ පලවෙනි දරුවා වෙනුවෙන් උනන කිරි ටිකක්වත් ඒ දරුවට තොල ගාන්න නොදී මූණක්වත් නොබලා දාලා යන්න මොන අම්මටද පුලුවන් "

අනේ දෙයියනේ.....පිරිමියෙක් වෙලා මගෙ පපුවත් ඒ වචන වලට හිරි වැටිලා ගියා.... යුගාන් අයියා පව්.... සමහරවිට එයා අපේ අම්මාට මෙච්චර ආදරේ එයාට අම්මා කෙනෙක්ගෙ ආදරේ නොලැබුන නිසාම වෙන්න ඇති.

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Where stories live. Discover now