18 කොටස 🍓

573 105 84
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.










" පිස්සු හැදීගෙන එනවද අශස්...අත අරිනවා මාව "

" බෑ බෑ....මං එයාලට ප්‍රොමිස් උනා ඔයාව එක්කන් එනවා කියලා "

" මොන මගුලක්ද....එහාට යනවා මට දැන් කෙමෙස්ට්‍රි "

" අනෙව් මේ තමුසෙගෙ ඔය කෙහෙල්මල් කෙමෙස්ට්‍රි එක වගේද පැංචාගෙ නම්බුව...ඔයා නිකන් මේ ලතා වෙන්නෙ නැතුව මෙන්න මෙහෙ එන්න "

ඉන්ටවල් එකෙන් පස්සෙ ඩියුටි ගිහින් හිටිය ආරුල් අයියාව කැන්ටිම ගාවදි හොයාගත්තු මං එයා කතා කර කර හිටිය අයියලා මැද්දෙන්ම එයාව ඇදගෙන ආර්ට් සෙක්ශන් එකට යද්දි ආරුල් අයියා මරන්න අරන් යන ඌරෙක් වගේ කෑ ගැහුවා. මේකයි සීන් එක.... මං ඊයේ අපේ ආර්ට් එකේ උන්ට කිව්වා මේ පාර කලා උලෙළට ආරුල් අයියාගෙන් ඇක්ට් එකක් තියන්න කියලා....කිව්වා කියන්නෙ ඉතින් මේ...👉👈 පැංචා පොඩි ඔට්ටුවක් දැම්මා....

කලා උලෙලෙ සංවිධාන කටයුතු කෙලින්ම භාර වෙලා තිබ්බෙ ආර්ට් සෙක්ෂන් එකට...ප්‍රිෆෙක්ට් බෝඩ් එකත් ඕගනයිසේෂන් වලට සම්බන්ධ වෙනවා ඒත් සම්පූර්ණ වගකීම තියෙන්නෙ 12 , 13 ආර්ට් අපිට....ඊයෙ අපි ඕක ගැන නිකමට කතා වෙද්දි අපේ කොල්ලෙක් කිව්වා මැත්ස් එකෙනුයි , සයන්ස් එකෙනුයි , කොමස් එකෙනුයිත් ඉවෙන්ට් පහක්වත් ගමු කියලා...ඉතිං මං පොඩ්ඩක් පොර ටෝක් එකක් දුන්නා මැත්ස් එකෙන් ආරුල් අයියාට සිගින් ඉවෙන්ට් එකක් දුන්නා නම් මරු කියලා...එතකොට අපේ උන් කියන්න ගත්තා ඒක නම් කීයටවත් වෙන දෙයක් නෙමේ කියලා..ඔන්න ඔය කතාව දුර දිග ගිහින් අන්තිමේදි රුපියල් පන්සීයකට දාපු ඔට්ටුව දිනන්නයි මං මේ මේ යස්සයාව ඇදගෙන යන්නෙ.

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Where stories live. Discover now