" දේව්...... මාව ඇහෙනවද මල්ලී..... "
" එ...පා....හ් මාව මරන්න එපා "
" ශ්ශ්ශ්.....කවුරුත් ඔයාව මරන්නෙ නෑනෙ...හරි හරි....ම්ම්ම්ම්....මං ඉන්නවා "
අර පොටෝ එකේ උන්න මනුස්සයාගෙ නපුරු ඇස් මතක් වෙද්දි මගෙ මුලු ඇගම හිරිවැටිලා යනවා.කන්දෙක කීං ගාලා යන වේදනාවක් එක්ක මගෙ ඔලුව ඇතුල පිස්සු නටන්න ගත්තා.
අපහැදිලි මූණවල් ගොඩක් මැද්දෙ මාව හිර වෙලා....අනේ මගෙ අත් දෙකේම ලේ.....කොහෙන්ද මේවා.....ඇයි මගෙ ඔලුව මෙච්චර රිදෙන්නේ....දෙයියනේ ඔලුවෙන් ලේ එනවා...
එපාහ්......අනේ මාව මරන්න එපා....
ඔලුවත් අල්ලන් මං යටි ගිරියෙන් කෑ ගහද්දි මාව කාගෙ හරි අත් දෙකක් මැද්දෙ හිර උනා. මාව තද කරලා බදාගෙන ඒ කෙනා මගෙ පිට අතගාද්දි කෑ ගගහා උන්න මං ටික ටික සන්සුන් උනා.
" ශ්ශ්ශ්....මොකුත් වෙන් නෑ....සන්සුන් වෙන්න මල්ලී"
" කවුරුත් ඔයාව මරන්නෙ නෑ..... "
" සේරම හොදින්...."
මං හිමින් හිමින් ඇස් අරිද්දි යුගාන් අයියා මාව බදාගෙන මුමුණන වචන මට ඇහුනත් මං තවත් ඉන්නෙ බය වෙලා.
ආරුල් අයියගෙයි මගෙයි අතීතේ....
ඒ අපේ අතීතෙද ?
අනේ....ඒ කියන්නෙ මං අර තරම් චූටි කාලෙද එයා මං ලගට ආවේ.... අ..අපිට එච්චර ලස්සන කාලයක් තිබුනද.....ඒත් ඇයි දෙයියනේ මෙච්චර දවසක් මට මෙ දේවල් අමතක වෙලා තිබ්බේ......මගෙ ජීවිතේ ලස්සනම පරිච්ඡේද ටික විතරක්ම ඇයි මගෙන් ඈත් උනේ....." එ...යාව ඕනා "
" මල්ලී......... "
" මගේ ආරුල් අයියාව ඕනා.....අනේ අයියේ ප්ලීස්....මාව එයා ලගට එක්කන් යන්නකෝ "
YOU ARE READING
_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...