21 කොටස 🍓

582 96 66
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.








" ඔයා දන්නවද අශස් මං අහසට ආදරේ ඇයි කියලා "

අම්මා ආපහු ගියාට පස්සෙ මමයි ආරුල් අයියයි වැව රවුමේ බංකුවක ඉදගෙන වැව දිහා ඔහේ බලාගෙන ඉද්දි ආරුල් අයියා මගෙන් ඇහුවේ මම ඔලුව උස්සලා එයා දිහා බලද්දියි.

" මං හැමදාම හෙව්වෙ අහසක් වගේ මනුස්සයෙක්ව නිසා "

" මේ අහස දිහා බලන හැම තත්පරේම මං ප්‍රාර්ථනා කරේ අහසම බදාගත්තු ලොකුම ලොකු වලාකුලක් වෙලා මට අහස අයිති වෙනවා නම් කියලා "

" ඒ ඇයි දන්නවද අශස් "

" වලාකුලු කොච්චර බිදිලා විසිරිලා ගියත් අහස ඒ වලාකුලු වල බර දරාගෙන හිටියා"

" හරියට උඹ මාව දරාගෙන අල්ලන් ඉන්නවා වගේ "

" අයියේ..... "

මගෙ අතක් උඩින් එයාගෙ අතක් තියලා ආරුල් අයියා මං දිහා බලලා හිනා වෙලා ආයෙත් වැව දිහා බලාගත්තා.

" මං කොච්චර අවාසනාවන්තයෙක් උනත් දෙවියෝ මට අහසක් දුන්නා.... මට මං වෙන්න පුලුවන් තැනක් හදලා දුන්නා "

මං හිමීට එයාගෙ අත් බාහුවකට මගෙ කම්මුල තද කරලා එයාට හේත්තු උනා. මගෙ ඇගිලි එක්ක පැටලිලා තියන එයාගෙ දිග ඇගිලි දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඇස් දෙක පියාගත්තා.

" තව ටික වෙලාවකින් අපි ආපහු කොළඹ ඉදී.... "

" හිතක් පපුවක් නැති සල්ලි පස්සෙම දුවන විස පිරුණු මිනිස්සු ඉන්න ලෝකෙක හිර වෙයි "

" ඒත් එකම එක දෙයක් අමතක කරන්න එපා අශස්.... මොන මගුල උනත් මං උඹට මහ ගොඩක් ආදරෙයි "

එච්චරමයි....ඊට එහා කිසිම දෙයක් නොකියපු එයා රැලි ගහන වැව දිහා ඔහේ බලාගෙන උන්නා....මං දන්නවා අයියේ ඔයාට බය ඇති....ආපහු කොළඹට ගිහින් අර හිරකාරයෙක් වගේ ජීවත් වෙන්න වෙන ජීවිතේට බය ඇති....

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Where stories live. Discover now