" අනේ මේ අහන්නකො ඉතිං "
" මං දැන් එකපාරක් කිව්වා අශස්....එකම දේ අහ අහ පස්සෙන් එන්න එපා "
උදේ රැස්වීම ඉවර වෙලා පන්ති වලට යද්දි ගේට් එක ලග පරක්කු වෙලා ආපු ලමයින්ට මොනාද මන්දා කිය කිය උන්න ආරුල් අයියාව දැක්ක මං නැවතිලා එයා එනකන් බලන් හිටියෙ දෙකෙන් එකක් විසදගන්න.ඒ උනාට මේ යස්ස මනුස්පයා තඹ සතේකට මාව ගනන් ගන්නෙ නැතුව ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක පැත්තට ගියා...මොන මගුලක්ද මන්තා...මං දැන් දවස් දෙකක වෙලේ ඉදන් මේ මනුස්සයාගෙ පස්සෙන් යන්නේ...මේවා මෙහෙම වෙන්න ඕනා දේවල් නෙමේ ජෙවියනේ....මගෙ නම්බුවත් හේදිලා යනවා....
" අද හවස ඩ්‍රාමා ප්‍රැක්ටිස් තියනවා නේද ජේව්...ආසාවේ බෑ අප්පා "
" අනේ මේ සකුල් තෝ මගෙන් කුණුහරුප අහගන් නැතුව ඉදපන් "
" අනේ අනේ ඔහොම කේන්ති ගන්න ප්‍රින්සස්ලා ෆැන්ටසි වර්ල්ඩ් එකේ නෑ හරිද මයෙ වශ්තුවේ "
මේක හරියන වැඩක් නෙමෙයි...මුන් සේරටම දැන් මාව විහිලුවක් වෙලා....අද හවස් වෙන්න කලින් දෙකෙන් එකක් විසදගන්නම වෙනවා...
උදේ පීරියඩ් ටික ඉවර වෙනකන් ඉතාමත් ඉවසීමෙන් බලන් උන්න මං ඉන්ටවල් එක දුන්න ගමන් ආරුල් අයියව හොයාගෙන ගියා. මං එයාගෙ පන්තියට යද්දි එයා තව අයියලා ටිකක් එක්ක බත් මුලක් දිග ඇරගෙන කන ගමන් ඉදියේ...මං එහෙම්ම ගිහින් ආරුල් අයියගෙ අතට ඇගිල්ලෙන් ඇන්නාට පස්සෙයි එයා මාව දැක්කේ...
" මොකද "
" මට කතා කරන්න ඕනා "
" ඕක කියන්නද ආවේ...ඉතින් කතා කරන්න....උඹේ ඔය වක්කඩ වගේ තියන කටට කොයිවෙලේද නිවනක් තිබ්බෙ "
YOU ARE READING
_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...