" ආආආහ්හ්හ්හ්හ් ඕක නවත්තපන්න්න්න් "
" කියපන්...මට....කිව්වෙ නැත්තන් උඹව අද කාගෙන කාගෙන යනවා මං "
" මොන හුයන්නක්ද කරන්නේ ජේව්ව්ව්....අත ඇරපන් මාව "
" කියන් නෑනෙ....උඹ කියන් නෑනෙ....ඉදපන්...ඉදපන් අද මම.....උඹව කනවා "
සකුල්ගෙ ඇග උඩට නැගලා දෙපැත්තන් කකුල් දාලා මෙට්ටෙට තද කරන් මම ඉස්සරහා දත් සැට් එකෙන් උගෙ අත හපද්දි ඌ මරන්න අරන් යන හරකෙක් වගේ බෙරිහන් දුන්නා... කොච්චර කෑ ගැහුවත් අත අරින්නෙ නම් නෑ පුතෝ....මට ඕන දේ දැනගෙනමයි මං අද නවතින්නේ....
එදා ආරුල් අයියා මාව අපාට්මන්ට් එකට දාලා ගියාට පස්සෙ ආයෙත් මට හම්බුන් නෑ...හම්බුන් නෑ කිව්වේ කතා කරන්න හම්බුනේ නෑ....සතියක්ම ගෙවිලා ගියා....ස්කෝලෙදි එයාව දැක්කත් එයා මාත් එක්ක කතා කරන්නවත් එන්නෙ නෑ...මං යන්නෙත් නෑ...ම්හුක්...කාගෙවත් ලොකුසීන් බලන් නෑ මං ගැම්මෙන් ඉන්නෙ හරිතේ...ඩිපියුටියගෙ මල්ලිනෙ ඉතිම්...
ආරුල් අයියගෙ සිද්ධියත් මගෙ හිතින් හිමීට මැකිලා යද්දි අනික් පැත්තෙන් මගෙ හිතේ දලු දැම්මෙ ස්ට්‍රෝබරී ඒලියන් කවුද කියලා හොයාගන්න එක.... එයාගෙ කහපාට චිට් වලින් මගෙ රහස් පෙට්ටිය දැන් පිරිලා....ඒ මනුස්සයා කවුරු උනත් මේ ලෝකෙ මාව කියවපු එකම කෙනා එයා...මගෙ හැගීම් , මට හිතෙන දේවල් මේ හැමඑකක්ම එයා හොදටම දැනන් උන්නා...හැම මොහොතකම හැම තත්පරේකම මගෙ ලගින් ඉන්නවා කියලා දැනෙන හරි පොඩි වචන ටිකක් එයා ඒ කහ පාට චිට් එකකට එකතු කරා.... මට ඕනා උනා ඒ කවුද කියලා හොයාගන්න...කල්පනා කරලා කරලා මගෙ හිතට ආව එකම දේ ස්ට්‍රෝබරී ඒලියන්ව සකුල් අදුරනවා කියන එක විතරයි.
YOU ARE READING
_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...