ගෙදර ඇවිල්ලා විනාඩි දහයක් වගේ යනකොට ගේ ඉස්සරහින් වාහනයක් නවත්තනවා ඇහුන නිසාම නාන්න යන්න කියලා අතට ගත්ත ටවල් එකත් ආයේම සප්නා රාටි වගේ ඔලුවට දාන් දොර ලගට ගිහින් හොම්බ දාලා බැලුවේ කවුද කියලා උනත් මෙලො එකෙක් පෙන්න හිටියේ නම් නැ........"සැක් හොල්මන්ද මන්දා මටත් හුටා දෙක හමාරයි අරකි මාව කන්න කලින් නාගෙන යන්න ඔනි......."
දැන් ඉතිම් ඔය මන් කලින් කියෙව්වෙ තනියම නෙවෙ හරි ගෙදර කවුරුත් නැ තමා ටිකක් විතර තනියම කියෙව්වා ලයින් එක්කුත් එනවා හැබැයි සැක්..... සුවද සබන් ඇග ගාලා හායි හුයි බබි ආච්චිගෙ බයිසිකල් එකහ්.............
අපේ අම්මා ගාන කොහොඹ කැටේට අමතරව ආච්චාගෙ ලයිට් බොයි කැටෙ ඒ එක්කම එහායින් තියෙනවා... මන් කොමත් සදා තනි කඩයා නිසා චුටි නිල් පාට සබන් පෙට්ටියේ මගෙ බෙබි සබන් කැල්ල තියෙන්නෙ.... ශැම්පො බැම්පො මගුල් නැ ෆේස් වොශ් නැ සර්වාංගෙටම ඔන්ලි බේබී සබන්.....
කියව කියව විනාඩි පහලවෙන් නාගෙන නාන්න යන්න කලින් ඇද උඩට දැම්ම කලු ශෝටෙට සුදු අත් දිග ශර්ට් එක ඇදලා ඒක වැලමිට ගාවට නමා ගත්තේ ගිය සෙනසුරාදා බෝධි පූජාවට ගියාම මලීශා නංගි කිව්වනෙ මට ලස්සන අත් දිග ශර්ට් එක වැලමිට ගාවට නවලා කියලා....... හිකි හිකි එයා ඒම කිව්වට ඒකේ ඇරියස් එකට ශානිකා නංගි කිව්වා අත් දිගට වැදගත් පාටයි කියලා කාගෙවත් හිත් රිද්දන්න මොකටද අනේ මන් නැව්ව අතේ එක වාටියක් ආයෙම දිගැරලා මේසෙ උඩ තිබ්බ ටී බනිස් එකත් කටේ ගහන් යතුරත් අරන් දොර වැහුවේ සුපුරුදු තැනින් යතුර හන්ගන්න.......
"එකයි දෙකයි තුනයි අන්න හරි මෙතන........"
තුන් වෙනි ඇන්තූරියම් පෝච්චිය යටින් යතුර දාලා කොන්ඩෙත් අතෙන් හදා ගෙන පොඩ්ඩක් ගැම්මට උස්සලා උස්සන්න දෙකුත් නැ යකො උප පෙදාන සිස්‍ය නායකයා කොන්ඩෙ ලෙප්ට් කරන්නෙ ඉස්කොලෙ යන්න ඔනි කොමත් අර පොඩි පගයාලාගෙ කොන්ඩෙ අල්ලන බැනෙ නැත්තන්.......
ගෙයින් එලියට බහිද්දි කටේ ගහගත්තු ටී බනිස් එකත් ආයෙම අතට අරන් කට උපරිම ඇරලා ලොකු කටක් කැවෙ අනික් අතින් සාක්කුවට දාගත්ත ජංගමයා අතට ගන්න ගමන්මයි.......
DU LIEST GERADE
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
Sachbücherහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️🪻