ආයූ...|17|

90 9 18
                                    


ජීවිතේ විවිධ කාල පරිච්ඡේදයන් වලදී විවිධ මිනිස්සු හම්බෙනවා ආගන්තුකයන් විදිහට , සමහර අය ජීවිතේට ගොඩක්ම ලගින් ඇසුරු කරන්න ලැබෙනවා වගේම කාලයක් ගියාම ඔවුන්ගෙන් බොහොමයක් මිනිසුන් ආගන්තුකයක් විදිහටම නික්මිලා යනවා.... ආගන්තුකයන් විදිහටම කියන්නත් අමාරුයි...  නානාප්‍රකාර මිනිසුන් කාලෙන් කාලෙට ජීවිතේට ඇවිත් යනකොට ඔවුන් එක එක විදිහෙ වෙනස් අත්දැකීම් ලබා දීලා යනවා... ඒත් මන් කවමදාවකවත් බලාපොරොත්තු නොවුනු විදියේ අත්දැකීමක් මේක... ඒත් එක එක කාලවලට ජීවිතේට මුණගැහෙන ආගන්තුක මිනිස්සු එක්ක ගණුදෙනු කරන කොට අනිවාර්‍යයෙන්ම සීමාවක් තියා ගන්න ඕන කීවෙනි වතාවටද මන්දා මන් ආයෙම කියෙව්වා ...... කොහොම නම් කියලා ඒ හැගීම ලිමිට් කරන්නද... ඒ මොකක්ද කියලා වචන තෝරලා අරන් කියන්න මටම බැරි වෙද්දි.... ඉතින් වෙනස් වෙන භාහිර සමාජය තුල ඔයා ඔයාම වෙන්න... වෙනස් නොවෙන තරමට තමන්ට ආදරේ කරන්න තමන් එක්ක ජීවත් වෙන්න...

"සදී යන් නේද ඇති බන් දැන් මෙතන හිටියා...."

"ම්ම් යන්..."

උදේ ඇහැරෙනකොට ඔලුව පුපුරන්න සයිස්.... අද ඉරිදා නිසා ක්ලාස් තිබ්බා දවසම.... උදෙ අම්මා බැන්න නිසා ආවත් ක්ලාස් එකට නොගියේ ඔලුව එක විදියක නැති හින්දා.... යුවෙන් අයියා ආවේ නෑ මාවයි ශව්වාවයි දාන්න.... ඩොටයි ශාහිලුයි ක්ලාස් එක ඇතුලට ගිහින් මායි මෙකියි එද්දි... දැනට පැය තුනකට කිට්ටුයි මන් ශව්වව ඇදගෙන ලේක් එකට ඇවිල්ලා..... ෆේස් බුක් පොස්ට් එකක් දිහා මන් පැයක් විතර බලන් කල්පනා කලා... මන් ඇත්තටම මෙහෙම ඉන්නෙ ඇයි... එහෙම ඉන්න ඕන නෑනේ ..... පපුව රිදෙනවා.... උබ කොහෙද ඇයි මාව දාලා ගියේ අහන්නද.. ඇත්තටම එහෙම අහන්න තරම් සම්බන්ධයක් අපේ අතරේ තිබ්බෙත් නෑ.... අමතක නෑ මතක් වෙන වාරයක් ගානෙ නලලට රස්නෙ දැනෙනවා.... මට මන් එක්කම තරහයි... ඇයි මන් බිව්වෙ සමහර විට මන් නොබි හොද සිහියෙන් හිටියා නම් ඒ හැගිම මීට වඩා ලස්සනට මට මතක තියෙන්න තිබ්බා..... ආයෙම ශව්වා එක්ක රහුමානියා එකට ආවා.... පරක්කු වෙලා කියලා පැනගෙන ආව මිසක ඉයේ දවසටමත් මන් හරියට කාලා නෑ.....

"සදී මික්ස් රයිස් එකක්..."

"ම්ම් ඔර්ඩර් එක දාලා වරෙන් මන් අතනිම් ඉදගන්නම්..."

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now