ආයූ...|16|

84 8 4
                                    

මන් ලෙමන් ජූස් එකත් හදාගෙන ආයෙම යශ්මිත අයියගේ රූම් එකට එද්දි එයා බාත්ෲම් එකේ..... වොශ් දාන් ඇවිල්ලා යශ්මිත අයියා ඇද ගත්තේ රතු පාට අත් දිග ශර්ට් එකක් ඒකටම කලු පාට ලෙදර් ට්‍රවුසර් එක .. ඒයාට මොක ඇන්දත් ලස්සනයි..... ශර්ට් එකේ උඩ බට්න් එක ගලවලා වෙනදට වැලමිට ගාවට පිලිවෙලට නමන ශර්ට් එකෙ අත් අද නිකම්ම උඩට ඇද්දා..... මිරර් ටේබල් එක උඩින් තිබ්බ සිල්වර් කලර් මාල දෙකක් බෙල්ල වටේ පටල ගත්තම සෙන්ට් එකට එහායින් තිබ්බ මැග්නට් එක මන් අරන් දුන්නෙ ලෙසියටත් එක්ක..... යශ්මිත අයියා මගෙ මූන දිහා බලලා ආයෙම මන් අතේ තිබ්බ මැගනට් එක අරන් කන් පෙත්තේ රදව ගත්තා...... මූ යකො සුකු මාලි කියන්නෙ නිකම්ද මන් හැඩ බලනවා ඉවරයක් නෑ අටටත් කිට්ටුයි දැන් වෙලාව....

"ම්ම්ම් බොන්න මේක...."

"තැන්ක් යු යුහන්ස...."

"හැයි හැයි...."

මන් සුකුමාලිගෙ අතට ජූස් එක දුන්නම ඒක එක අතකට අරන් අනික් අතින් එයාට ආව කෝල් එක ආන්සර් කලා....

"හෙලො මමී....අයි නො .. ම්ම්ම් හෙට දවල් වෙද්දිනැ මට මියුශිකල් එකට යන්නම ඔනි මමී..ඔව් වටිනවා.... ම්ම්හ් ඔව් ඔව් ඕකෙ බායි..."

මමී මොන මමියක්ද එයාගේ අම්මා නැ කිව්වා නෙද ඉයෙ රෑ අරුන්... මට තෙරෙන්නෙ නෑ එක්කො මෙයාව හදාගත්ත අම්මා වෙන්න ඇති සමහර විට එ නිසා වෙන්න ඇති යශ්මිත අයියා අකමැත්තෙන් කතා කරන්නෙ මොනවද වටින්නෙ මොනවද හෙට දවල් වෙද්දි......

"යුහන්ස යන් උඩට....."

"ආහ් ම්ම් යන්...."

යශ්මිත අයියා ෆෝන් එක පොකට් එකට දාගෙන ජූස් එක එක අතකින් අරන් මට ඉස්සර වුනා..... පඩි පෙල් නැගගෙන උඩට ගියේ කිසිම එලියක් නැතුව උනත් මන් ගැස්සිලා ගියේඑ අන්තිම පඩිය නැගලා ඉවර වෙනකොටම ලයිට්ස් ඔටෝම ඔන් වුනා..... ලස්සනයිනේ යකෝ....... ම්හුක් පොත් හැම තැනම පේන හැම තැනකම තිබ්බෙ පොත් රාක්ක..... වම් පැත්තේ කෙලවරේම ලොකු මේසයක් තියෙනවා...... එතකොට මේ දොරෙන් කොහෙටද යන්නේ....

"මෙකේ තියෙන්නෙ පොත් යුහන්ස මෙ දොරෙන් ගියාම තියෙන රූම් එක මිරර් වීව් එකක් එක්ක පොඩි මූවි තියටර් එකක් වගේ..... එතකොට මේ පැත්ත මන් පේන්ටින්ග් වැඩ වලට හදා ගත්ත තැන.... නිදහස් නිසා තමා වෙල පැත්ත ගත්තේ .... මුවි තියටර් රූම් එකේ ඇටැච් බාත්ෘම් එකක් තියෙනවා ඕන නම්...."

"යුහන්ස...."

"හහ් ආහ් ලස්සනයි ඔයි මෙතන......."

මාරම නිදහස් ඇත්තටම හෙනම කාම් වයිබ් එකක් තියෙන්නෙ.....

"ම්ම්ම් ලස්සනයි තමා...."

"එතකොට උඩ මොන්වද......."

"පූල් එකයි ජිම් එකයි.... යන්කො උඩටත්....."

අම්නෙ අම්නෙ මූව පිට් එකේ තියාගන්න ඕන ... එක්සැම් එකෙන් පස්සෙ ජිම් එක්කට යන්නම් කියලා හිතන් හිටියට තිබ්බේ සල්ලි ප්‍රශ්නෙනේ දැන් මොකටද සල්ලි ඉම්හි ඉම්හි ......
මූ බොඩි බිල්ඩර් වගේ ඇග තියන් ඉද්දි මට නිකම් හරි හිතන්න තිබ්බා අනිවාරෙන් ගෙද‍ර ජිම් එකක් ඇති කියලා මූට.... මෙච්චර බන්ගසාල ගෙදර ජිම් එකක් නොතිබ්බොත්නේ පුදුමේ යකො.... මන් මනෝ ගහ ගහ යශ්මිත අයියා පස්සෙන් උඩම තට්ටුවටත් ආවා...... ඒකත් මාරම ලස්සනයි මන් මෙහෙම තැනකට ආව පලවෙනි වතාව උනත් මට හිතුනේ ඒක අංග සම්පුර්නයි කිසිම අඩුවක් පාඩුවක් නෑ... පට්ටම කම්ප්ලිට් හරියට යශ්මිත අයියා වගේම.... පූල් එක ලග පුන්චි ලයිට් එකක් විතරක් තිබ්බා..... ඔක්කොම බලලා ආයෙම යශ්මිත අයියගේ රූම් එකට ආවා......
ඒ වෙනකොට යශ්මිත අයියගේ අතේ තිබ්බ ලෙමන් ජූස් එක ඉවර වෙලා තිබ්බ නිසා මන් ග්ලාස් එක ගත්තා.....

"යුහන්ස...."

"ම්ම් මන් මේක හෝදලා එන්නම්..."

"එපා ඉන්නකො...."

මන් යන්න හැරෙද්දි ආයෙම මූ මගෙ උරහිසෙන් අත තිබ්බා....
ඒ වෙද්දිත් මන් දොර දිහාවට හැරිලා හිටිය නිසා යශ්මිත යියගෙ මූන මට පෙනුනේ නෑ......

"කියන්න... ඇයි ඇත්තටම අරුන්ට යන්න කියන්න කිව්වෙ....."

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now