__Taehyung pov__
මං උදේම ලෑස්ති වෙලා කන්නාඩිය ලගට වෙලා මගේ හැඩ බැලුවා...මේ දවස් වල මං මගේ පෙනුම ගැන හිතෙනවා වැඩි වගේ.... මොනා කරන්නද ඉතින්... මං මේ තකහනියක් යන්නේ මගේ චූටි හා පැටියව බලන්නනේ... අනේ ඒ හුරතලේ... ස්ස්ස්... අම්මෝ ඒ තොල්... එතකොට දිලිසෙන ඇස්... රෝස පාට හම... ඒ ඔක්කොටම වඩා මාව control නැති වෙන්නේ ඒ තොල් යට තියෙන birth Mark එක නිසා... එතන කන්නමයි හිතෙන්නේ.... අනේ මට කන්න ඕනේ....
" ටේ... මොනාද තාම ඇතුලට වෙලා කරන්නේ?? අල තම්බනවද?? එනවා පහලට.... " Why God why ?? මගේ පාඩුවේ මනෝ පාරක් ගහන්න හදද්දී ඒකට බාල්දියක්ම එවන්නේ.. වෙලාවකට හෝහපුටු හැල කිඹුල් චෝයි කාරයා... නැත්තම් උනහපුලූ පාක් කාරයා... දැන් ඔම්මා...
" මේ එනවා ඕම්මා... " මං කෑ ගහලා කිව්වේ උදේ පාන්දර පෑන් පාරක් කන්න ඕනේ නැති නිසා....
ඕහ් ශිට්.... මගුල් මාන්දම ඉහට ගහපූ හින්දා හැගීම් පිට කරලා තියෙන්නේ ක්‍රිම් බෝතලේ පිටින්... මිරිකපු මිරිකිල්ලට බෝතලෙන් බාගයක් බිම... හා පැටියෝ ඔයා මගේ මොලේ පැත්තක් කාලා දැම්ම එකටනම් දවසක් හොද punishment එකක් දෙනවා මං....
Smooth like butter...
Like a criminal undercover....📞කවුද යකෝ මේ උදේ පාන්දර කතා කරන එකා... ඇයි hospital එකේ එකෙක් මැරිලද දන්නේ නෑ.. මොකා මැරුනත් කමක් නෑ මගේ රෝසබබා හොදින් නම්...
( A/N : අනිත් ලෙඩ්ඩුන්ට අබ සරණයි.. )
ආහ් මේ කට ලොකු උස කොට මිටි ජිමිනානේ... මොකෝ දන්නේ නෑ මේ උදේ පාන්දර...
📲📲
" හෙලෝ.... "
" ආහ්...කොට ජිමිනා.. මොකෝ මේ කුකුලා අතේ තියන්.... ඇයි පූසා බූට් එකක්වත් තිබ්බද?? "
" ඈහ්... මොනාද උලමෝ උදේ පාන්දර දොඩවන්නේ?? මගේ පූස් මාව දාලා කොහෙවත් යන්නේ නෑ... Don't worry about that... "
" පුහ්... හා හා ඉක්මනට කතා කලේ ඇයි කියහං.... "
" මේකයි..... අපි අද එනවා... කූකී බලන්න... "
" මොකා බලන්න... කොහේ ඉන්න කුකියෙක්ද??? අනේ මේ මං ලගනම් උබේ බිස්කට් හංගන් නෑ බං.. ඕවා ඇත්තේ යුන්ගියා ලග... උදේ පාන්දර කුකීස් ඉල්ලන්න තෝ හිතුවද මං මැලිබන් එකේ අයිතිකාරයා කියලා... "