19

1.2K 283 41
                                    

After Five years .....

අදට අවුරුදු පහක් !!!

පුංචි කුකී එයාගේ ටේටේව දාලා යන්න ගිහින් අදට අවුරුද්දක්... ඒ පුංචි රෝසමල පරවෙලා ගියා.. කාගෙවත් නොවුන නමුත් කොතනක හරි වුන වැරදීමක් නිසා ඒ අහිංසක හිතට ගොඩක් දුක් විදින්න වුනා.. ඉවසන්න පුලුවන් උපරිමය ඉවසුවා.. ඒත් අවසානයේ ඉවසීමටත් කාලයක් තියේවී ඉතින් ඒ පුංචි මල අර ආඩම්බරකාර දොස්තව මළමිනියක් කරලා යන්න ගියා..

" ටේ !!! "

අහස දිහා බලාගෙන සිගරට්ටුව උරන ටේහියොන්ගේ කල්පනාව බිදුනේ යුන්ගිගේ කටහඩ නිසා.. ජන්කුක්ගේ මරණයෙන් පස්සේ ටේහියොන්ගේ වෙනස් වීම හරියටම බලාගෙන හිටියේ මම විතරයි... ජිමින් යුන්ගි මේ දෙන්නා රට ගියා කුකීගේ මරණය ඒ අයට ගෙඩක් ලොකු කම්පනයක් වුනා... විශේෂයෙන්ම ජිමින්ට ඉතින් යුන්ගි ජිමින්වත් අරන් ඇමෙරිකාවට ගියා...

අද ආයෙමත් අවුරුදු පහකට පස්සෙ යුන්මින් දෙන්නා කොරියාවට ආවේ ජන්කුක්ගේ අනුස්මරණ දිනය අදට යෙදි තිබුන නිසා...

" කොහොමද යුන්ගියා ???! "

" මං හොදින් ටේ !! ඒත් උඹ ?? මේකේ තේරුම මොකක්ද බන් ?? මට ඊයේ තමයි ආරංචි වුනේ උඹ රස්සාවෙනුත් අස් වෙලා කියලා !!! "

යුන්ගිගේ ප්‍රශ්න වලට ටේහියොන් කලේ කට කොනින් හිනාවක් දාලා ආයෙමත් අහස දෙසට ඇස් යොමු කරපු එක...

" ඇයි එහෙම කලේ ටේ ??? "

යුන්ගි ආයෙමත් ඇහුවේ ඇස්වලට එන කදුලු හංගන්...

" හොස්පිටල් එකට ගියාම මට එයාව මතක් වෙනාවා යුන්ගියා !!! එතන තමයි අපි හම්බවුනේ... මං එයාට මගේ හිතේ තියන හැගීම් කිව්වේ අපි දෙන්නා එකිනෙකා අදුරගත්තේ... ඒත් අද එයා නෑ... එයා මාව දාලා යන්න ගියා.. ඉතින් එයාගේ මතක තියෙන තැනක් මං කොහොමද හිත හදාගෙන ඉන්නේ ?? උඹම මට කියපන් !!!! "

ටේහ්යොන් ආවේගය මුසු දුක්බර කටහඩින් කියද්දී යුන්ගි කලේ නිශ්ශබ්ද ව ඒ දේවල් අහගෙන හිටිය එක...

" හරි ඒවා අමතක කරලා දාපන් අද කුකීගේ අනුස්මරණ දිනේ.. යමන් ගිහින් ලෑස්ති වෙමු... "

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now