___Jungkook pov___
' හ්ම් ' ලොකු හුස්මක් පිට කරපු මම තාමත් සීතල පොලවේ ගුලි වෙලා ඉන්නවා.... මොකද ඉතින් මම අබ්බගාතයා නේ... රෝදපුටුව ඇගෙන් බොහොම අමාරුවෙන් තල්ලුකරලා දැම්මත් මට නැගිටලා ලග තිබුන ඇද උඩටවත් නැග ගන්න පන නැහැ... ඒ නිසාම මම හෙමීට ඇදි ඇදි ඇවිත් ලග තිබුන බිත්තියට හේත්තු වුනා... තාමත් ඇග රිදෙනවා ඒ නිසාම මගෙන් පුංචි ඉකියක් පිටවෙනවා... ඒ වගේම තාමත් කම්මුල් දිගේ කදුලු ගලා යනවා... හදවතට පිහියකින් ඇනෙනවා වගේ දැනෙද්දී මට අපේ අනාගතය ගැන ලොකු බයක් දැනුනා...
' ර්ර්ර්... ර්ර්ර්..... ර්ර්ර්..... ' එකපාරටම මගේ හූදි එකේ සාක්කුව දෙදෙරන්න ගත්තා... ඒ නිසාම හෙමින් මම සාක්කුවට අත දැම්මා....
ෆෝන් එක !!!!
මට කොහොමද මේක අමතක වුනේ ?? මේක මට චිමී හියුන් ඊයේ පාක් එකේ ඉදලා එද්දිනේ අරන් දුන්නේ... කෝල් කරන්නේ කවුද ?? කාගෙද මේ නම්බර් එක ඒ මුකුත් නොදැන මම පිට අත්ලෙන් කදුලු පිහි දාගෙන වෙව්ලන අත්වලින් ෆෝන් එක ආන්සර් කලා...
.
.
.
.
.
." හෙ... හෙලෝ !!!! "
" මැණික !!!! "
ඒ එයා..ඔව් මේ එයාගෙම කටහඩ වෙන්න ඕනේ... අනේ මගේ ටේටේ හියුන් නේද මේ... මට දැනුනේ මාව වෙනම ලෝකකෙට අරගෙන ගියා වගේ... මට ඒ කටහඩට ඇහුන්කම් දුන්නත් සැනසීමක් දැනුනා...
" ට්....ටේ....ට්...ටේ.... 😭"
මම අත් දෙකින්ම ෆෝන් එක අල්ලගෙන ඉකි ගැහුවා... එයාට දැන් මට කියන්න පුළුවන් මාව එයාගෙන් ඈත් කරන්නයි මෙයාලා හදන්නේ කියලා...
" මැණික ?? අනේ ඇයි රත්තරන් ?? මොකද වුනේ ?? ඇයි මගේ මැණික අඩන්නේ ???
ඒ කටහඩ හැරෙන පරක්කුවෙන් කලබල වුනා... මම එයාය වදයක් වෙනවද ?? එයාට මම නිසා කරදරයක් වෙයිද ?? ඒත් එයා විතරයි නේද දැන් මට ඉන්න එකම පිළිසරණ.... මගේ ආදරේ....
" ට් ටේ... ඒ ගොල්ලෝ.... අ...අනේ... ට්...ටේ...ටේ...ඉ... ඉක්මනට...එ... එන්නකෝ.... ම්....මාව.... එ...එයාලා... ය්...යවන්නයි... හ....හදන්නේ.... "
බොහොම අමාරුවෙන් මම වචන ගැටගහගෙන කතා කලා... අනේ මට ඕනේ ඔයාට තුරුල් වෙන්න විතරයි ටේටේ... මට මේ වෙලාවේ ඕනේ එකම දේ ඔය උණුසුම විතරයි ටේටේ...