.
.
.Dr.. Taehyung !!
.
.
.පිටිපස්සෙන් ආපු කටහඩ නිසා මායි කුකීයි දෙන්නම කාමරේ දොර දිහාවට හැරුනා... එතන හිටියේ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
." පාක් !!! තමුසේ... තමුසේ මොකටද මෙහෙ ආවේ.... ආහ්... " මං ඌ ලගට කෑ ගහගෙන යන ගමන් ඇහුවා... ඒත් එක්කම උගේ පිටිපස්සෙන් පොලිස් ඔෆිසර් කෙනෙක් ආවේ... මාවත් ඩිම් කරලා.... " ඔව් මං තමයි... මං ආවේ මගේ ළමයව අරගෙන යන්න... මෙන්න තියෙනවා ඒකේ නීතිමය ලියකියවිලි... "
මොන් හු#£$ ලියකියවිලිද ?? මං මූව මරනවා... මගේ දෙවියන් පල්ලා මං මූව මරනවා....." ඒත් තමුසෙට එයාව ගෙනියන්න බෑ... එයාට තාම ට්‍රීට්මන්ට් කරලා ඉවර නෑ. "
කියන්න දෙයක් නැති තැන මං කිව්වේ මේ පාහරයත් එක්ක මගේ මැණිකව යවන්න බැරි නිසා... " Oh treatment නේද?? මේක බලන්නකෝ... මේ තියෙන්නේ ජන්කුක්ට කරන්න තියෙන ඔක්කොම treatmentකරලා ඉවරයි කියලා මේ hospital එකෙන් මට දුන්න documents ටික.... " ඌ මට මොකක්ද මන්දා ෆයිල් එකක් පෙන්වන ගමන් කිව්වා... මාත් ඒක අතට අරගෙන බැලුවා... මොකක් !! ඒක ඇත්ත... මේ රිපෝට් එක දීලා තියෙන්නේ අපේ hospital එකෙන්... අනික ඒකට sign කරලා තියෙන්නේ Deen... මේක වෙන්න බෑ....." එ... ඒත් ....මේ___ "
" ඒත් මේත් නෙවෙයි ඩොක්ටර් ටේහියොන්.... මං දැන් මගේ ළමයව අරගෙන යනවා.... ඔයා මේකට විරුද්ධ වෙන බව දන්න නිසාමයි මං පොලිසියත් එක්කගෙන ආවේ.... "
ඌ එහෙම කියලා හෙමින් මං ලගට ඇවිත් මගේ කන ලගට ලං වුනා...
" උඹ දන්නේ නෑ ටේහියොන්... උඹ කාටද අත ඉස්සුවේ කියලා... උඹ මට දෙපාරක්ම අත ඉස්සුවා නේද ?? බලපං දැන් ඒවට හරියන්න මං අර අනාථයාගෙන් පලි ගන්න විදිහ.... "
මගේ ඇගේ ලේ රත් වුනේ ඒ වචන වලට... නෑ පාක් නෑ... උඹට බෑ එයාට අතක්වත් තියන්න...
" උඹ මොනවා හරි ජන්කුක්ට කලොත්... එයාගේ ඇස් වලින් එක කදුලක් හරි වැටුනොත්... ඒ කෙස් ගහකට හරි මොනවා හරි වුනොත්.... අන්න එදාට උඹ හරියටම මං ගැන දැනගනී...."