ඔන්න ලමයි මං ඒ කියන්නේ ඉස්සර ජියෝන් නිශී දැන් ලියෝ... අප්‍රේල් විසිතුන මේ වට්පැඩ් එකට ජොයින් වුනා... කොහොම හරි මං පිස්සුවෙන් වගේ කතා කියෙව්වා....ඊට පස්සේ ආසාවට මාත් කතා ලිව්වා.... ඔහොම ටික ටික මගේ ගොබ්බ කතාත් පොඩ්ඩ පොඩ්ඩ නැගලා ගියා... විශේෂයෙන්ම The Killer Rabbit.....මං මාර ආසාවෙන් කැතට වුනත් කතා ලිව්වා.... රැබිට් එක ලියද්දි කට්ටිය මට බැනලා මැසේජ් දැම්මා... ඒක දරුණු වැඩී පොඩි අයට කියවන්න බෑ කියලා... මං ගනන් ගත්තද ?? නෑ නෑ මං පොඩ්ඩක්වත් ගනන් ගත්තේ.... කොහොමත් මේ එකවුන්ට් එකේ ඕතර්ස්ලා දෙන්නෙක් ඉන්නවා... අනිත් ඕතරී... ( War between love and hate )
එයාගේ පාඩුවේ ආතල් එකේ කතා ලියනවා...මං අහන්නේ why me ???
ඇයි මගේ කතාවලටම මෙහෙම කරේ?? මගේ කතාවල පොඩි එවුන්ට කියවන්න බැරි විදිහට 18+ දාලා තිබ්බද ?? නෑනේ... කිලර් එකේ පොඩ්ඩක් තිබ්බා නෑ ඒකත් මහ ලොකු එකක්ද?? හරි ඒක කමක් නෑ කියමුකෝ....
එතකොට R.E.D ළමයි ඒකේ තාම කොටස් හතරයි.... ඇයි දෙයියනේ ඒක රිපෝට් කලේ ?? යකෝ ඒකේ තාම ප්‍රධාන චරිතෙයත් හරියට කතාවට එනටර් වුනේ නෑ.... එහෙම තිබ්බ කතාව රිපෝට් කලාම හරියනවද යකෝ ???? 😠😠😠
ඇත්තමයි මට පොඩ්ඩක්වත් දුක් නෑ... ඒත් මං කියන්නේ මගේ කතා කැතයි ඇත්ත මං පිලිගන්නවා... හරිනේ 😌
ඒත් ඒ කියලා ලමයි කෙනෙක් මහන්සියෙන් ගොඩනගාගත් දේකට ඔහොම කරන්න එපා... එයාත් මහන්සි වෙලා නිකන් ඉන්න ලැබෙන වේලාවේ නේද පොඩ්ඩ පොඩ්ඩ කතාව ලියලා අප්ඩේට් කරන්නේ... ඉතින් අඩුම ඒ මහන්සියටවත් ගරු කරන්න හලෝ....
කියන්න තව බොහෝ දේ ඇත නමුත් ඒ තනිකරම කුණුහර්ප වේ... සෝ මම ගියා... ආයේ කතාව ලියන්නේ හිතුනම විතරයි.... ඇත්තටම පොඩ්ඩක් විතර අප්සට්.... නෑ නෑ ගොඩක් අප්සෙට්.....
දැන් ඉතින් පුලුවන් නම්.. මේකටයි lovers එකටයිත් රිපෝට් කරන්න 😂😂😂😂😂😂😂😂