Chapter 4

1.1K 169 6
                                    

🌹Ji-eun pov🌹
අම්මෝ අද විතරයි වැඩට යන්න තියෙන්නේ.... හෙට හොඳට නිදාගන්න පුළුවන්.... මං එහෙම හිත හිත වැඩට යන්න ලෑස්ති උනා.

ඒත් මං යද්දී පාරේ හිටපු මිනිස්සු ටිකක් මට කරදර කරන්න ආව. මං දුවලා ගිහින් අන්තිමට නතර උනේ පොඩි අතුරු පාරක. පේන තෙක් මානෙක කිසිම මනුස්සයෙක් තියා සතෙක් වත් හිටියේ නැ. ඉතිං මං ගහන්න කියලා ලෑස්ති වෙද්දීම එතනට කෙනෙක් ආව... ගහන්න ගියපු අත එහෙම්මම ආපස්සට අරන් බය වෙලා වගේ හිටියා. එවෙලේ මං බය වෙලා හිටියෙ නැ ඇත්තටම.

(A-කව්ද නංගි මේ?? ගෑණු ළමයෙක්ගේ පස්සෙන් මිනිස්සු ආවම මොන කෙල්ල ද බය නොවෙන්නේ..???

J- ඒ බය නොවෙන කෙල්ල මං ඕතරියෝ... දන්නවා නේ මං නිකන්ම නිකන් කෙල්ලෙක් නෙවෙයි කියලා. මං රාවණාගේ පරපුරෙන් පැවත එන යක්ක කෙල්ලෙක්😌 ඊටත් වඩා මං කව්ද කියලා ඔයා දන්නවා නේ...??

A- ඔව් ඔව් මං දන්නවා😒 මගේ reader බබාලා ටිකටත් එයා ඇත්තටම කව්ද මොන වගේ කෙනෙක් ද කියලා දැනගන්න ඕනෙ ද??)

එතනට ආපු කෙනා තරුණ පිරිමි ළමයෙක් වගෙයි පෙනුනේ... එයා ඇවිත් අර බීපු මිනිස්සු ටිකට හොඳටම ගහල මාව එතනින් ඇදන් ගියා. මං හිටියේ දැන් මොකද්ද වෙන්න යන්නේ වගේ ලුක් එකකින්🙄 එයා මාව main road එක අයිනට අරන් ආව.

❓️ඔයා හොඳින් ද? කරදරයක් නැනේ??

මං නැ කියන්න වගේ ඔලුව හොලවල මගේ මොංගල් හිනාව දැම්ම.😁 ඇත්තටම මට එවෙලේ කියන්න වචන කටට ආවේ නැ. මං එයා දිහා වශී වෙලා වගේ බලන් හිටියේ...

ඇයි දෙවියනේ මෙහෙම මාව අසරණ කරන්නේ... මං පව් නැද්ද??? මේකට තමා love in first sight කියන්නේ... 😍😍😍😍
ඔයාලා හිතන්නේ මට මෙහෙම වෙච්ච පලවෙනි වතාව මේක කියලා ද...?? නැ නැ නැ... එහෙම හිතුවනම් ඔයාලට වැරදිලා. නළුවෝ වගේ කොල්ලොන්ව දැක්කම මං එළුවෙක් වගේ වශී වෙනවා... ශික් ඒක හදාගන්න ඕනෙ... නැත්තම් මගේ තත්වෙට හොඳ නැ.🥲

❓️Helloooo....!!! මං කියන දේ ඇහෙනව ද??

මං මේ ලෝකෙට ආවේ එයාගේ කටහඩෙන්. ශික් මෙච්චර වෙලා මං හීන ලෝකෙක නේ ඉඳලා තියෙන්නේ. මෙයා මොනා හිතුවද දැන් නෑ....😫

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now