꧁☆❄️•◉✿ 01 ✿◉•❄️☆꧂

1.2K 61 18
                                    

      ❄️ මේක 2000 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ දෙවෙනිද

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

❄️ මේක 2000 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ දෙවෙනිද . . . .

අද තමයි පළවෙනි පාරට මේ අවුරුද්දෙ හිම වැටුනු දවස.. ඒත් සුපුරුදු විදිහටම මම පරක්කුයි.. උදේට හවසට කියල වෙනසක් නැතුවම කාර්‍යබහුල සෝල් නගරෙ ලාවට හිම වැටුනු පදික වේදිකාව දිගේ සීතට අදින මගෙ පරණ දුඹුරු පාට හිම කබායත් එක අතකින් තද කරන් අනිත් අතේ පිටි අල්ලෙන් මගෙ ස්කූල් බෑග් එක පිටට තද කරන් පුළුවන් තරම් හයියෙන් මගෙ දිග කකුල් තිය තිය මිනිස්සු අස්සෙන් ඉස්සරහට ගියේ ස්කූල් පටන් ගන්න කලින් යා ගන්න්න ඕනෙ නිසා. ග්ලවුස් දාල නොතිබ්බ හින්ද අත් දෙකට නම් තදටම සීතල දැනුන.. ඒත් ග්ලවුස් දෙකක් ගන්නව කියන්නෙ අමතර වියදමක් මගේ ආර්ථික තත්වෙ හැටියට නම්.. කල්පනා කරන ගමන් මම තව පය ඉක්මන් කළා.

'' අහ්.... '' 😖🙄

ඉක්මන් ගමනින් බිම බලාගෙනම සෙනග අස්සෙන් ගිය මාව වීදියෙ පාලු පාරක් අස්සෙන් එක පාරටම පදික වේදිකාවට ආව කෙනෙක්ගෙ ඇගේ හැපිල කැරකිලා ගිහින් බිම ඉන්දවුනා... මට දැනුනෙ නිකන් ගල් අල්ලපු තාප්පෙක වැදුන වගේ හැගීමක්.. වැටෙන්න කලින් හැප්පුනු කෙනා මාව අල්ල ගන්න අත දික් කරත් මාව අල්ලගන්න බැරි උනා කියල මම වැටෙද්දි ලාවට දැක්ක..

" Its snowing baby.. පාරවල් ලිස්සනවනෙ... පරිස්සමින් පාර බලන් යන්න.. " 😶😶

වැටිල අන්දුන් කුන්දුන් වෙලා හිටපු මම මූනට පාත් වෙලා තිබ්බ මගෙ අයිස් කැප් එක උස්සල ඉස්සරහ හිටපු කෙනා දිහා බැලුවෙ බිම ඉන්දවුනු විදිහටමයි. අඩි පහකට වැඩිය උස හැඩිදැඩි පාට කොල්ලෙක්.. මට වඩා ටිකක් වැඩිමල් පාටයි.. කලු හොඳ වර්ගෙක සීත කබායක් ඇදල , මුරණ්ඩු පාට හීනි තොල් , ශක්තිමත් පාට මූණක් තිබ්බත් බෝල ඇස් දෙකක්... නිකන් කඩවසම්කමයි හුරතල්කමයි මිශ්‍ර වෙච්චි පාට කොල්ලෙක්.. 🙄😶

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Kde žijí příběhy. Začni objevovat