꧁☆❄️•◉✿ 13 ✿◉•❄️☆꧂

271 28 4
                                    


13 අසුබයිලුනෙ.. මේකත් එහෙම වෙයි.. දුක හිතෙන කෑලි කියවන්න අකමැති අය නම් කියවන්න එපා.. ඊළග එකේ ඉදන් කියවන්න.. 🙂💔
---------------------------------------------------

Tae ට ටිකක් හරි සනීපයි , එයාව ජීවත් කරවන්න පුළුවන් කියන පණිවිඩය එනකන්ම මම කීප සැරයක් hospital එකෙන් පැනල ගිහින් සියදිවි නසාගන්න හැදුව. මට මගෙ වරදින් අහිංසකයෙක් විදවනව ඇස් දෙකෙන් බලන්න ශක්තියක් තිබුනෙ නෑ.. බය ගුල්ලෙක් වගේ මට ඕනෙ උනේ ජීවිතෙන් පැනල යන්න.. මට ඕනෙ උනේ මගෙන්ම පළි ගන්න.. ඒ අහිංසකයගෙ ලස්සන ජීවිතේ අපායක් කළාට.. ඇයි මම එයාට ආදරෙයි කිව්වෙ? මට අන්තිමට මම කරන්නෙ මොනවද කියල මටම දැනීමක් නැති ගානටම මාව අවුල් වෙලා ගියා.. අන්තිමට එයාල මාව hospital එකේ ඇඳක බැඳල දැම්ම.. ඒ දවස් වල මම මොනව කළාද හිටියෙ කොහොමද කියලවත් ඇත්තටම මට මතක නැතත් මට ජිමින්ව හොඳටම මතකයි.. මගේ ජිමින් , සහෝදරයෙක් වගේ යාලුව ඒ මුළු කාලෙම මගෙ ළගින්ම හිටිය මට හොඳටම මතකයි.. කොහොම හරි Doctors ල වගේම ජිමිනුත් මට ඒත්තු ගන්නන්න හැදුව Tae ව ආදරෙන් පරිස්සමින් බලාගන්න නම් , මාත් එක්ක හිටපු හින්ද මේක උනා කියල තාමත් මම හිතනව නම් ඒ වරද ටිකක් හරි හරිගස්සන ඕනෙ නම් එයාව රැකබලාගන්න මම ජීවත් වෙන්න ඕනෙ කියන එක.. Tae ගෙ ප්ලාස්ටික් surgeries සේරම ඉවර වෙනකන් මට එයා ළගටවත් යන්න දුන්නෙ නැත්තෙ එයා හිටපු විදිහ දැකල මගෙ ඔලුව තව අවුල් වේවි කියල වෙන්න ඇති..

ඒත් තව මාස දෙකකට තුනකට වගේ පස්සෙ මට එයාව බලන්න දෙද්දිත් මගේ tae නැගිටින්න බැරුව කකුල් පණ නැතුව කතා කරගන්න බැරුව ඔහේ බලාගත්තු අත බලන් hospital ඇඳක් උඩ ඉන්නව දැක්කම මට මගෙ කකුල් දෙකත් වාරු නැති උනා.. මම එයාගෙ කාමරේ දොර ළග ඉදන් ජිමින් බදාගෙන හතිය හැදෙනකන්ම ඇඩුව. ඒත් මම tae ළගටවත් ගියේ නෑ.. එයා අදටත් හොඳින් ඉන්නව මම ගිහින් එයාව මගෙ ජීවිතේට ඈද ගත්තෙ නැත්නම්.. ඒක හිතන වාරයක් ගානෙ මට එයා ළගට යන්නත් බය හිතුන.. මට එයාට මූණ දෙන්න බෑ.. මට දැනුනෙ මං ගැනම ලොකු පිළිකුළක්.. මේක සම්පූර්ණයෙන්ම මගේ වැරැද්දක් විදිහටයි දැනුනෙ.. 💔

ඒත් මම එයාව බලාගන්න ඕනෙ.. එයාට මූණ දෙන්න ඕනෙ.. මම තවත් දවස් දෙක තුනක්ම කාමරේ දොර ළග ඉදන් එයා දිහා බලන් ඉදල ආව.. පස්සෙ දවසක් මම එයාගෙ ඉස්සරහට ගියා.. එයාගෙ ඇස් ලොකු කරන් ටිකක් වෙලා බලන් ඉද්දි එයාගෙ ඇස් දිලිසෙන්න ගත්ත.. ඒ ඇස් වල කදුළු පිරිල.. එයා මොනවද කියන්න දැගලුවත් වචන වෙනුවට කෙඳිරිල්ලක් විතරක් එළියට ආව.. අත උස්සන්න හැදුවත් එයාට යන්තන් අත හොලවන්න විතරයි පුළුවන් උනේ.. මම එදා එයාව බදාගෙන ගොඩාක් වෙලා ඇඩුව.. පුළුවන් හැම විදියෙන්ම කෑ ගහල සමාව ඉල්ලුව.. doctors ල සද්දෙට දුවගෙන ආවත් එයාල අපිව වැළැක්වුවෙ නෑ.. කෑගහල ඇඩුවම දුක තුනී වෙනව කියල ඒ මිනිස්සුත් දැනන් ඉන්න ඇති.. මම හුස්ම ගන්න බැරි වෙනකන් අඩල හිත ටිකක් නිවුනම මගේ tae ව මම ගෙදර එක්කන් ආව.. ගෙදර කිව්වෙ apartment එක නෙවේ..  මම ඒක විකුණල දාල ගන්ග්නම් වලින් පොඩ්ඩක් එහාට වෙන්න ගගක් ළග ටිකක් ලොකු ගෙයක් අරගත්ත.. එතන හරි නිදහස් සාමකාමී නිසා..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now