꧁☆❄️•◉✿ 17 ✿◉•❄️☆꧂

231 28 10
                                    

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මම හුස්ම ගන්න සද්දෙ මටම නෑහෙන්න නිශ්ශබ්දව මගෙ අත මගෙ කටින්ම හපාගෙන තරහත් දුකත් මිශ්‍ර වෙලා පිස්සු හැදෙන්න ළං වෙලා වෙව්ලන එක පාලනය කරන්න හදන ගමන් මේ අමනුස්සයෝ කතා වෙන දේ අහන් හිටිය.. කට පාලනය කරන් හිටියත් මගෙ ඇස් වලින් කදුළු කඩා වැටුන.. tae ගෙ දෙමාපියො මරල තියෙනෙ මුන්?? ඒ කියන්නෙ කාලෙකට කලින් tae ට ඒ විදිහට තුවාල කරන්න ඇත්තෙ මේ තිරිසනා.. මම පහළට ගිය හින්ද එතන ඒ වෙනුවට හිටපු tae ව මේ මිනිහට අහු වෙලා.. මට ලේ වැක්කෙරෙද්දි ට්‍රොලියක දාල මගෙ ඉස්සරහින් අරන් ගිය පස්සෙ ICU room එකේ කවුලුවෙන් අවුරුදු ගානකට කලින් බැන්ඩේජ් වලින් ඔතල හිටපු මගෙ tae ව මැවිල පෙනුන.. මට තුවාල හොඳටම හොඳ වෙනකන් tae ව බලන්න නොදුන්නත් මට මතකයි ජිමින් කිව්ව එයාගෙ බෙල්ල ගොඩක් තුවාල වෙලා තිබ්බ කියල.. ඇත්තටම මේ අමනුස්සයන්ට මගෙ අහිංසකයව දැක්කම එකපාරක් වත් අනුකම්පාවක් දැනෙන්න නැතුව ඇතිද? ඒ වගේ තුවාල කරන්න කලින්. . . තවත් මුන්ගෙ සැලැස්ම අහන් ඉන්න ඕනෙ උනත් ඔක්කාරෙකුත් එක්ක තදේට ඔලුව කැරකෙනව වගේ දැනුන හින්ද මම බඩගාගෙන වගේ හොරෙන්ම එළියට පැන ගත්ත.. හීනෙන් වගේ ඇවිදන් ටැක්සිය ළගට ගියාම ඒ Driver පරක්කු උනාට මට හොඳටම බැනල මගෙ බැඩු ටිකත් මගෙ කකුල් දෙක පාමුලට දාල මගෙන් සල්ලි ඉල්ලුව ආපහු යන්න.. මම ඔහේ ඒ මනුස්සය ඉල්ලන ගාන දීල එහෙම්මම හිම වැටිල සීතලට ගල්ගැහිල තිබ්බ බිම ඉදගත්ත.. මට වමනෙ යන්න වගේ බඩ කැලතෙනවත් එක්ක පිහියෙන් අනිනව වගේ ඔලුවෙ කැක්කුමක් දැනුන.. එකපාරට ඔලුවට ලොකු බරක් දැනුනම එහෙම වෙනව ඇති..

මම මොනතරම් කාලකන්නියෙක් ද මට වෙන්න තිබ්බ දේ තමයි මගේ tae ට උනේ.. එයා මුගේ මූණ දකින්නත් ඇති.. ඒත් මට කිව්වෙ නෑ.. මම රණ්ඩු වලට යයි කියල ස්කූල් එකේ එයාට ගහපු උන්වවත් පෙන්නුවෙ නැති එයා මේ තරම් අනතුරක් කරපු තිරිසනෙක් මට පෙන්නාවියෑ.. ඉස්සර මම අනතුර උනේ කොහොමද කියල අහන ගානෙ tae ගෙ ඇස් හොඳටම ලොකු වෙලා එයා හොඳින් කියල පෙන්නන තදේට මිට මොළවල අමාරුවෙන් හිනා වෙනව.. ඒත් ඇයි එයා උන් ගැන එකපාරක්වත් ඉගියක්වත් නොදුන්නේ..? මගෙ පපුව හොඳටම හිර වෙලා ඔලුව පුපුරන්න කැක්කුම වැඩි උනා.. මේ හිතේ වේදනාව පිටකරගන්නෙ කොහොමද... ??? මම tae ට උයන්න උගන්වන්න එයාටම කියල අලුතින් ගත්තු පිහිය මගෙ අතේ තිබ්බ බෑග් එකේ පෙනුන.. හිතේ පුපුරු ගහපු වේදනාවට වෙව්ලන අත් වලින් ඒක අරන් නැගිට්ට.. මුන්ව මෙතනම මරල දාන්න ඕනේ.. මුන් ජීවත් වෙන්න සුදුසු නෑ..ඒත් මම පුළුවන් තරම් හයියෙන් මගෙම කම්මුල් දෙකට අතින් ගහගත්ත..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now