꧁☆❄️•◉✿ 19 ✿◉•❄️☆꧂

300 33 15
                                    

මේක 🔞 නිසා කැමති අය විතරක් කියවන්න.. මම කවදාවත් Vote Comment Goal අරව මේව ඉල්ලල chapter දීල නැහැනෙ.. මෙච්චරයි ඉල්ලන්නෙ.. අනේ අකමැති නම් නොකියව ඉන්න report කරන්න එපා.. කලින් chapter එකත් කවුරු හරි report කරල තිබුණ.. 🙂💔

--------------------------------- - - - - - -

මට මේ කිසි දෙයක් තේරුනේ නෑ.. ජීවිතේට වෙන කෙනෙක් ට ආදරේ කරල තියා හිතලවත් නැති මට එයා කෙල්ලෙක් ගැන කියල බනින්නෙ කොහොමද ? කාමරේට ඇවිදන් ආපු මම ඇද ළග බිම වාඩි වෙලා ඇදට හේත්තු වෙලා ඔහේ හිස්බැල්මෙන් බලන් කල්පනා කළා.. මොකද්ද එයා ඒ කිව්වෙ? ඒත් එක්කම tae කාමරේට ඇවිත් මට එහා පැත්තෙන් බිම ඉද ගත්ත.. එයාගෙ ඇස් වල කදුළුත් එක්ක අවිශ්වාසය පිරිල..

" හ්‍යුන්ග්.. මට ඇත්තම කියන්න.. මම දැක්ක ඔයා අද හවස ගෑණු ළමයෙක් එක්ක ඉන්නව.. ඒත් ඔයා කෑම පෝළිම කියල මට බොරු කිව්ව.. ඒ ඇයි? යාලුවෙක් නම් නොකිව්වෙ ඇයි.. ? "

Tae එහෙම ඇහුවම මට එයාගෙ ප්‍රශ්නෙ තේරුනා.. එයාට මේ තරම් තරහ යන්න හේතුව මම ද?  ඒක ඉරිසිව ද?  ඒත් tae මගෙ ළගනැති උනත් ඒ කෙල්ලට tae ගැන කිව්වෙ මගෙ ආදරවන්තය විදිහට.. මගෙ boyfriend කියලයි ඇහුවෙ.. ඒ කෙල්ල මට ඒකට හිනා උනත් එක්ක.. එහෙම කරපු මාව මේ තරම් ආදරෙන් එයාව බලාගන්න මාව tae අවිශ්වාස කළේ ඇයි? ඒත් ඒවගේ පොඩි දේකට තරහ යන්න නම් ඒ කියන්නෙ tae ට මං ගැන පොඩි නෙවේ ,  ලොකු හැගීමක් තියෙන්නම ඕනෙ.. ඒ ආදරේ ද?

මම සාක්කුවේ තිබ්බ visiting card එක එයාට දීල ඇත්ත විස්තරේ කිව්වම එයාගෙ ඇස් වල අවිශ්වාසය හේදිලා ගිහින් කදුළු විතරක් ඉතුරු උනා.. මට එයාව තේරෙන විදිහට කියන්න පුළුවන් උනා ඒ පසුතැවීමේ කදුළු.. මට දැන් එයාව පෙනුනෙ කාලෙකට කලින් අනතුර වෙන්න කලින් මට ආදරෙයි කිව්ව මාව විශ්වාස කරනව කිව්ව tae විදිහට..  ඒ බැල්මමයි.. මටහිතුන විදිහ හරි.. එයා බිම බලන් මිමිණුව..

" හ්‍යුන්ග්.. ම..මට සමාවෙන්න.. මං හිතන්නෙ මම ඔයාට කැමතියි නෙවේ.. මම හිතන්නෙ ඒක කැමැත්තක් නෙවේ.. මාත් ඔයාට ආදරේ කරනව හ්‍යුන්ග්.. "  එයා කැඩුණු කටහඩින් කිව්ව..

ඇතුළාන්තය බිඳුණු මිනිස්සුන්ට ආදරේ කරන්න අමාරු ඇයි කියල මට දැන් තේරෙනව.. මොකද එයාලව අල්ලන අල්ලන හැමෝටම තුවාල වෙනව..  මගෙ බිඳිච්ච හදවත හින්ද මට ඉක්මනට කේන්ති යනව.. මම තමයි සේරම දනනෙ කියල හිතන් ඉන්නව.. එයාට හැගෙන විදිහ තේරුම් නොගෙන කෑ ගහනව.. දුර දිග නොහිත වැඩ කරනව.. ඒ දේවල් වලින් මං එක්ක ඉද්දි මගේ tae ට ඉස්සරත් රිද්දුව..මුල් කාලෙ එයාගෙ ආදරේ ගනන් ගත්තෙවත් නෑ.. විශ්වාස කළේ නෑ. එතකොට දැනුත් , හැමවෙලාවෙම මම එයාට රිදවනව ඇති.. 💔

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now