ඊළග දවසෙ උදේම ඇහැරුනම වෙනදටත් වඩා ලොකු සීතලක් දැනුන. මම හෙමින් සාලෙට යද්දි සද්දයක්වත් නෑ.. හ්‍යුන්ග් තාම නිදි ඇති කියල හිතුව මම කිරි එකකුත් හදාගෙන ටීවී එක සද්දෙ අඩු කරල දැම්මෙ නිකන් මොනවද උදේට බලන්න දෙයක් තියේද බලන්න.. ඒකෙ news යනව..
'' ඊළග දින කීපය තුළ හිම කුණාටු තත්වයක් වර්ධනය විය හැකි අතර හැතිකාත් නිවෙස් වලට වී සිටින ලෙස කාළගුණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.. '' 😕🙁💔
'' ආය්..ශ්.. මොන මගුලක් ද ඒ? එහෙම වෙන්නෙ කොහොමද ? ..'' සෝපා එකෙන් වාඩිවෙලා ටීවී බලබල කිරි එක බිබී හිටපු මම උඩ විසි උනේ පිටිපස්සෙන් ඇහුන හ්‍යුන්ග් ගෙ කටහඩින්.
එයා මට පිටිපස්සෙන් නිදිමතේ මේ ගිනි හීතලේ උඩට ඇදුමක්වත් නැතුව කලිසම පිටින් පුප්පගෙන හිටගෙන හිටිය.. ඒ muscles වල ලොකු.. ජිම් යනව ඇති අනිවාරෙන් ඕවගෙ ශේප් ඇගක් හදාගන්න නම්.. ඒත් මගෙ ඇස් තිබ්බෙම ටැටූ එකේ.. ඒක නම් ගින්දර වගේ.. ඒත් ඕව ගහනකොට රිදෙනවලුනෙ.. මට ටැටූ දිහා බලන්න, එකක් අල්ලල බලන්න විතරක් ලොකු ආසවක් තිබ්බට ටැටූ කරන්න කැමති නෑ.. 🥲🥲
" ආ.. නැගිට්ටද හ්‍යුන්ග්.. Good morning.. ඉන්න මම කිරි එකක් හදන් එන්නම්.. මේ යන විදිහට නම් අපිට කොහේවත් යන්න බැරි වෙයි.. " මම එහෙම කියාගෙනම ටීවී එකට ඔරවන් ඉනේ අත් ගහන් හිටපු එයාට කියාගෙන kitchen එකට ආව..
YOU ARE READING
꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff ✅Completed ✅
Fantasyමේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක් නැති නිසා... මුලින් boring සාමාන්‍ය තාලෙ කතාවක් වගේ දැනෙයි.. සමහර දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල හිතෙය...